ඉන්දියාවේ පන්සල්වල ලංකාවේ කාසි ‘ටොන් විස්සක්’

ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානවල ශ්‍රී ලංකාවේ කාසි ටොන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තිබීම ශ්‍රී ලංකාව තුල සංසරණය වන කාසි හිඟ වීමට එක් ප්‍රධාන හේතුවක් බව ශ්‍රී ලංකා මහා බැංකුව පවසයි.

ඒ අතරින් කාසි විශාල ප්‍රමාණයක් බුද්ධගයාවේ තිබෙන බව දැන ගන්නට ලැබී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අතිරේක මුදල් ව්‍යවහාර අධිකාරී තමරා විජේසූරිය සංදේශයට කියා සිටියාය.

“අපේ නිලධාරීන් එහෙ ගිහිල්ල බැලුවම ඒගොල්ලෝ ඩොලර් වගේ මාරු කළ හැකි විදේශ කාසි අරගෙන අනිත් ඒවා ස්ටෝරුවක දල තියෙනවා වෙන් කර ගන්න බැරුව,” බවයි ඇය පවසන්නේ.

ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වන්දනාවේ යෙදෙන ලාංකීය බැතිමතුන් පඬුරු ලෙසින් පූජා කරන කාසියි, මෙලෙස ඉන්දියාවේ ගොඩ ගැසී තිබෙන්නේ.

සාකච්ඡා

බුද්ධගයාවේ පමණක් ශ්‍රී ලංකාවේ කාසි මෙට්‍රික් ටොන් දහයක් පමණ තිබෙන බව බුද්ධගයා කළමනාකරණය කමිටුව තමන්ට දන්වා ඇතැයි පවසන තමරා විජේසූරිය, ඉන්දියාවේ තිබෙන කාසි සමස්තය ටොන් විස්සකට ආසන්න විය හැකි බවද සඳහන් කළාය.

“පන්සල්වල් තියෙන කාසි වලින් 90% විතර ලංකාවේ, මොකද අනිත් රටවල අය එච්චර කාසි දාන්නේ නෑනේ? අනික බෞද්ධයෝ වැඩියෙන්ම යන්නේ ලංකාවෙන් නේ?,” යනුවෙන්ද ඇය සඳහන් කළාය.

මෙම කාසි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මේ වන විටත් සාකච්ඡා ආරම්භ කොට ඇති බවත් අතිරේක මුදල් ව්‍යවහාර අධිකාරී තමරා විජේසූරිය සංදේශයට කියා සිටියාය.

“ඒවා ගේන්නේ කොහොමද? ගුවනින්ද? මුහුදු මාර්ගයෙන්ද? ඒකටත් ලොකු වියදමක් යනවා. ඒ සියල්ල ගැන සාකච්ඡා කරලා තමයි තීරණයක් ගන්න වෙන්නේ.”

ඉදිරියේදී මෙම තත්වය වලක්වා ගැනීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව බුද්ධ ශාසන අමාත්‍යාංශය සමඟ එක්ව ජනතාව දැනුවත් කිරීමටද කටයුතු කරමින් සිටින බවත් තමරා විජේසූරිය කියා සිටියාය.

‘නිෂ්පාදන වියදම වැඩියි’

“අපි වන්දනා නඩ අරගෙන යන කණ්ඩායම් මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා තියෙනවා. පඬුරු වශයෙන් පූජා කරන්න අවශ්‍ය නම් ඉන්දියානු කාසි යොදා ගත්ත නම් ඒක ඒ පන්සල්වලටත් සෙතක් වේවි.”

මෙලෙස කාසි විවිධ ස්ථානවල එකතු වීම හේතුවෙන් විශාල මුදලක් දී කාසි නිෂ්පාදනය කිරීමටද ශ්‍රී ලංකා මහා බැංකුවට සිදු වී ඇතැයි අධිකාරිවරිය පවසයි.

“අපේ රුපියල නිෂ්පාදනය කරන්න රුපියලට වඩා වැඩි මුදලක් වැය වෙනවා,” බව පවසන අධිකාරිවරිය, කැටවල එකතු කරන මුදල් ඉක්මනින් නිදහස් කොට බැංකුවේ තැන්පත් කිරීම වඩා යෝග්‍ය ක්‍රියාදාමය බවද සංදේශයට කියා සිටියාය.

මහ බැංකු ඇස්තමේන්තු අනුව බිලියන දෙකකට අධික කාසි ශ්‍රී ලංකාවේ සංසරණය නොවී කැට සහ ලාච්චුවලට සීමා වී තිබේ.

http://www.bbc.com/sinhala/sri_lanka/2014/01/140107_coins_bank_india

පැටව් ගහන රැජන කාසි මෙන්න බලන් හැදෙනා හැටි

ලංකාවේ කාසිදරුවෝ හතර පස් දෙනෙක් හදල වඩල ලොකු මහත් කරල රට පුරාම රැකියාවලට යවල අවුරුදු ගාණක් ගියාට පස්සේ එක වගේම දහ දෙනෙක් ඇවිල්ල කියනව තාත්තේ අපි තමයි ඒ දරුවෝ කියලා. ඔබට මොනවා නොහිතෙයිද?
අපි දන්නව අපිට හිටියේ දරුවෝ පස් දෙනයි ඒත් එක වගේම හැඩරුව තියෙන, එක වගේම වයසෙ දහ දෙනෙක් ඇවිත් තාත්තෙ කියන කොට පිස්සු හැදෙන්නෙ නැතිව තියේවිද?
තේරුණේ නැතිද? එහෙම නම් ඒකම මේ විදියට කිව්වොත්…, ගෙදර අඹ ගහේ ගෙඩි තිබුණේ 5යි. ගෙඩි දහයක් ඉදිල බිම වැටිල තියෙනකොට මොනවද හිතෙන්නේ. එහෙම දෙයක් දැන් වෙන්නයි යන්නේ. අපිට නෙවේ අවුරුදු ගාණක් මේ රට අල්ලගෙන හිටපු බි්‍රතාන්‍ය ජාතිකයන්ට.
1796දී විතර සුදු ජාතිකයෝ ඇවිත් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ආක්‍රමණය කළා කියන එක ඉතිහාසෙම අප කියාදීලා තියෙනවා. 1818 උඩරට කැරැල්ලත් එක්ක මුළු ලංකාවෙම පාලනය එයාලගේ අතට ගියාට පස්සේ හැම දෙයක්ම කෙරුණෙ සිද්ධවුණෙ එයාලට ඕන විදියට.
ඒ අතරින් එයාලගේ මුදල් භාවිතය තමයි ප්‍රධානම තැනක් ගත්තේ. අපේ භාවිතයේ තිබුණු මසුරන්, කහවනු, කොකුකාසි, වගෝබි වෙනුවට තුට්ටුව (ජ්ඒඅඊඩ්ධ්ව්ට්) ‍ෙදායිතුව, තඹ ‍ෙදායිතුව, අලුක්කාල, ශතය, ශත කාල, ශත භාගය, ඔය විදියට කාසි එනකොට ඒ හැම කාසියකම වගේ එක පැත්තක තිබුණේ වික්ටෝරියා මහරැජනගේ රුව. එහෙම නැත්නම් ජෝර්ජ් රජ්ජුරුවන්ගේ රුව.
ඒ කාලෙත් අද වගේම මුදල් නිකුත් කරන්න ඇත්තේ එක්තරා වගකීමක් ඇතිව. සීමාවක් ඇතිව. පිළිවෙළකට. ප්‍රමාණයකට ගණනක් සීමාවක් ඇතිව ඒ සියලු විස්තර සහිත ලිපි ලේඛන අදටත් බි්‍රතාන්‍යයන් සතුව ඉතාමත් සුරක්‍ෂිතව තියෙන බව අපිට හිතාගන්න පුළුවන් ඔවුන් ඒ කාලයේ නිකුත් කළ කාසි හොයමින් මේ දවස්වල ලංකාව පුරාම කරන රහසිගත මෙහෙයුම දිහා බලපුවාම.
මීට අවුරුදු කීපයකට කලිනුත් මේ විදියටම අපේ රටේ ඉන්න තැරැව්කාරයෝ මාර්ගයෙන් රැජනගේ රුව සහිත පැරැණි කාසි ඉහළ මිල ගණන් දී රැගෙන යෑමේ තත්ත්වයක් සිදුවුණු බව රහසක් නෙවෙයි. සෑහෙන කාලයක් කිසිම සද්දයක් නැතිව තිබුණු ඒ දේ යළි එක්වරම මහා පරිමාණයෙන් සිදු වන්නට අරගෙන.
සමහරු කියන්නේ රැජනගේ සල්ලි එකතු කරන නැව ආයෙත් ඇවිල්ලලු. එක කාසියක් රුපියල් තිස් දාහත් හතළිස් දාහත් අතර ගාණකට යනව කියල තමයි කියන්නේ. ඒ හින්දා ආරංචිය කනේ වැටුණ වැටුණ අපේ ෂෙට් එක රට හතරවටේ දුවන්න අරගෙන. මීට කලින් වතාවල හොර රහසේ හෙමින් සැරේ සිදුවුණු දේ දැන් එළිපිටම පටන් අරගෙන.
බි්‍රතාන්‍යයේ හදන කෞතුකාගාරයකට තියන්න ගෙනියනව කියල තමයි කියන්නේ. ඒත් මෙච්චර කාසි කන්දරාවක්. ඒ කාලේ යුද්ධ කරන්න ලංකාවට ආව සුදු ජාතිකයන්ගේ පරම්පරාවල ඉන්න අය දැන් ධනවතුන් වෙලා, ඉන්න අය තම සීයලාගේ කෙරුම්කාරකම් මතක් වෙන්න සිහිවටන හැටියට තියාගන්න ගෙන්වා ගන්නව කියලත් කියනවා.
කොහොම වුණත් මේ වතාවේ ගම් ගෙවල් පීරලා වික්ටෝරියා රැජනගේ රුව සහිත කාසි හොයන හෙවිල්ලට අපේ ගම් ගෙවල්වල ආච්චිලා හංගාගෙන හිටිය කාසි ටිකත් හබක් වෙනවා.
පැරැණි වෙදමහත්තුරු, ආරච්චි මහත්තුරු අනේ අපේ රැජන නේද කියල ආදරෙන් බොහොම පරිස්සමෙන් තියාගෙන රැකගෙන ඉන්න කාසි ටිකත් මෙදා පොටේ ඉතිරිවෙන එකක් නෑ කියලයි හිතෙන්නේ.
කන්ද උඩරට පැරැණි ගම්මානවල වේවා තව දුරටත් වැඩි වශයෙන් ඉතිරිවෙලා තියෙන බව හිතාගන්න පුළුවන් වෙන්නේ ඍ.ර්ණී.ඛ්. ලාංඡනය සහිත පිඟාන ලක්‍ෂ 30ට හතළිහට විකුණල බස් පාරට දාපු මිනිස්සු ගැන ඇත්ත තොරතුරු වාර්තා වෙන හින්ද. ඒ කියන්නේ මේ කියන පැරැණි කාසි ඒ ගම්මාන අස්සේ කාගෙ කාගේ හරි අතේ තාමත් රැඳිල තියෙනවා.
කෙසේ වෙතත් මෙලෙස බි්‍රතාන්‍යයන් අපේ රට පාලනය කරන සමයේ මේ රටේ භාවිත කිරීමට ඔවුන් අච්චු ගසා දුන් ඒ අයගේ මහ රැජනගේ රුව සහිත කාසි එකතු කරන්නේ මොන අරමුණකින්ද කියලා හරියටම කියන්නට තොරතුරු නැතත් ඒවාට මේ වෙනකොට අප රට ඇතුළේදීම ලැබී තිබෙන වටිනාකම දෙස බලන කොට එවැන්නක් සිදුවන බව නම් පැහැදිලි සත්‍යයක්.
අපි කරපු දේවල් අපිට වටිනව කියන තර්කය ගත්තාම ඇත්තටම මේ කාසි වැඩියෙන්ම වටින්නේ සුදු ජාතිකයන්ටම තමයි. ඒ කියන්නේ බි්‍රතාන්‍ය ජාතිකයන්ට. මේ ඒ කාලෙ අපි ලංකාව යටත් විජිතයක් කරගෙන පාලනය කරගෙන යන සමයේ භාවිත කරන්න දුන්නු අපි නිකුත් කරපු සල්ලි කියල කෙනකුට ආඩම්බරයෙන් පෙන්නන්න වුවමනාවකුත් තියෙනව නම් ඒ දේ තියෙන්නේ බි්‍රතාන්‍ය ජාතික එයාලට විතරයි.
ඒත් මේ වෙනකොට ලංකාව හතර වටේම එම කාසි හොයන්න දුවන විදිය දැක්කාම, කරන දැඟලිල්ල දැක්කාම, හෙට අනිද්ද සුදු ජාතිකයෝ හීනෙකින්වත් හිතුවේ නැති අමුතුම ප්‍රශ්නයකින් අන්දමන්ද වෙන්න ගන්න එක පැහැදිලියි.
ඔවුන්ගේ පාලන කාලයේ ඒ ඒ අවුරුදුවල, ඒ ඒ කාල වකවානුවල ලංකාවේ භාවිතයට කාසි අච්චු ගසන්න ඇත්තේ යම්කිසි නිශ්චිත ප්‍රමාණයකට බව අපිට පැහැදිලි කාරණයක්නේ. 1948 වෙනකම් නිකුත් කළ කාසි ප්‍රමාණය ඔවුන්ගේ පොත්පත්, වාර්තාවල ඇති.
එදා ඒ පාලන කාලය තුළදීම කාසි ලක්‍ෂයක් අච්චු ගහල තිබුණ නම් අද කාසි ලක්‍ෂ දෙකක් එකතු වෙලා එනකොට මොනව හිතෙයිද? දෙයියනේ මේ මොකක්ද? මෙහෙම කොහොමද වුණේ කියල හිතයි. සේරම එකම වගේ කාසි. ඒ වුණාට ලංකාවෙදි කාසි පැටව් ගහල. ඒ ගැටලුවට හෙට අනිද්දම බි්‍රතාන්‍ය ජාතික මහත්වරුන්ට මූණ දෙන්න වෙන එක පැහැදිලි සත්‍යයක්.
කෙනෙක්ට සාධාරණ ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන් කොහොමද ඒ විදියට කාසි පැටව් ගහන්නේ කියලා. ඒ කියන්නේ පරණ කාසි පෙනුම තියෙන ඒ හා සමාන කාසි අලුතින් නිපදවලා තියෙනවා කියන එක. සුදු මහත්තුරු ලංකාවට ඇවිත් කාසි හොයන්න මෙච්චර මුදල් කන්දරාවක් වියදම් කරද්දි ඒ අයත් මේ කාසි පැටව් ගහන සාත්තරේ දන්නව නම් ඒ තරමට සල්ලි වියදම් කරන එකක් නැහැ. අහඹු අවස්ථාවක ඒ කියන්නේ රැවැටීමකට තිත තියන්න ලැබුණ අවස්ථාවකදී වරද නිවැරැදි කරන්න කැමැත්තක් දක්වපු පුද්ගලයෙක් තමයි කාසි පැටව් ගැහිල්ල පිළිබඳ අපව දැනුම්වත් කළේ.
අපේ රටේ දේශීය කාසි සහ පැරැණි එංගලන්ත පාලන සමය අතර කාසිවල ප්‍රධාන වෙනස්කම තමයි එංගලන්ත සමයේ කාසිවල කැටයම පිටතට නෙරලා තිබීම. ලංකාවේ කාසි එහෙම නැහැ. ලංකාවේ කාසිවල තියෙන්නෙ පසාරු කැටයම්. එංගලන්ත සමයේ කාසිවල තියෙන්නේ මතුපිටට නෙරපු කැටයම්. පරණ කාසි අලුතින් ගහන සෙල්ලමේ මුල් අවස්ථාව සලකුණු වෙන්නේ මෙතැනදි. සරලව හිතුවොත් මේ විදියට. ඒ කියන්නේ සමාන්‍යයෙන් අපි භාවිත කරන දෙයක උපකරණයක අච්චුවක් සාදා ගන්නා ආකාරය ගැන. අපිට තේරුම් ගන්න පුළුවන් පළමු කරුණ වෙන්නේ උඩට නෙරලා තියෙන මතුපිටක අච්චුවක් සාදාගන්න එක පහසු කරුණක් කියන එක. ඒ කියන්නේ වික්ටෝරියා රැජනගේ හරි ජෝර්ජ් රජ්ජුරුවන්ගේ හරි මතුපිටට නෙරපු කාසියක අච්චුවක් සකස් කර ගන්න එක අසීරු කටයුත්තක් නෙවෙයි. මේක තමයි මුල්ම තියරිය. කාසියේ දෙපැත්තෙම අච්චු ෆයිබර් ග්ලාස්වලින් හදාගත්තම කාසි 10ක් 12ක් හදාගන්න පුළුවන්කම ඒ අච්චුවට කියනවා.
කාසි හදාගන්න භාවිත කරන්නේ පිත්තලයි තබක්ක එකතු කරලා ගන්න මිශ්‍රණයක්. තබක්කවලින් විතරක් අච්චුව පුරවන්න අමාරු පිත්තල නැත්නම් කාසියේ සවි ශක්තිය අඩු වන නිසා. පිත්තලයි තබක්කයි එකතු වුණාම සාමාන්‍යයෙන් දෙකට නවලා කඩන්න බැරි කාසියක් හදාගන්න පුළුවන්. අච්චුවට වක් කරලා ගත්තම අමාරුම කොටස වෙන්නේ දෙපැත්තේ තියෙන දාර ගණන හරියට සලකුණු කරන එක. දන්න කියන කෙනාට කාසියක් අතගාලා ඒක මොන ජාතියේ කාසියක්ද කියන එක කියන්න පුළුවන්. ඒක හරි සීරුමාරුවට කරන්න ඕනෑ වැඩක්. බොරු කාසියේ පැවැත්ම රැඳිල තියෙන්නේ කාසියේ දාරවල කිව්වොත් එක නිවැරැදියි.
කාසිය අච්චුවකට දාල හදා ගත්ත වගේම ඒ කාසියට පරණ හැඩයක් එකතු කරන එකත් සීරුමාරුවට කරන්න ඕනෑ කටයුත්තක්. ඒක කරන්නෙත් අපේ අයමයි. ෆාම් ඔයිල් කියල වෙළෙඳපොළේ විකුණන්න තියෙන තෙල් ජාතිය මුසුවෙන්න ඇරල ඒකට වෙළෙඳපොළේ තියෙන කෝලා නිෂ්පාදනයක් කලවම් කරල ගත්තම මූලික අවස්ථාවේ සාන්ද්‍රණය සකස් කරගෙන හමාරයි. ඒ සාන්ද්‍රණයට කාසි ටික දාලා දවස් කීපයක් තියෙන්න ඇරියාම කාසිය උඩින් පටලයක් හැදෙනවා. ඒ පටලයේ තියෙන්නේ ළා නිල් පැහැයක්. කාසිය සාන්ද්‍රණයෙන් ඉවතට අරගෙන ඒකට වෙළෙඳපොළේ විකිණීමට තියෙන —- දඬු කලවම් කළාම තුනී …… ඝන තත්ත්වයට පත්වෙනවා. ඊට පස්සේ තමයි ඒ තුනී පටලය ඉවත් කරන්න අප උත්සාහ ගත්ත වගේ බ්‍රාසෝ දාන්න ඕනෑ. තඹ පැහැයට හුරු සාමාන්‍ය හොඳ කාසියට සමාන කාසියක් මේ විදියට අපට සකසා ගන්න පුළුවන්. කාසිය සකස් කර ගත්තට මදි ඇන්දිල්ලක් දෙකක් කරලා කාසිය විකුණා ගහන්න දක්‍ෂකම නැතුව.
ප්‍රභාත් අත්තනායක
නුවරඑළිය – චන්ද්‍රසිරි මහගම

බඳගිරියේ ඉපැරණි කාසි නිධානයක්

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතුවලදී පසුගිය සැප්තැම්බර් මස 30වන දින  බඳගිරියෙන් ඉපැරැණි තඹ කාසි 241ක් හමුවී ඇති අතර ඉන් පසුදින එම ස්ථානය නැවත පරීක්ෂා කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එම ස්ථානයේම විසිරී තිබූ තවත් තඹ කාසි 40ක් හමුවී ඇත.

ඉන් අනතුරුව පසුගිය 03වනදා කාසි හමුවූ ස්ථානයට ආසන්න මුළු ප‍්‍රදේශයම තවදුරටත් පරීක්ෂා කළ කලාපභාර නිලධාරි පුරාවිද්‍යා පර්යේෂණ සහකාර සුමේධ පණ්ඩිතරත්න මහතා හා සංවර්ධන නිලධාරි අජිත් ඉන්දික ගමගේ මහතාට තවත් ඉපැරැණි තඹ කාසි 1500කට අධික ප‍්‍රමාණයක් හමුවී ඇත. මේ වනවිට දින කිහිපයක් තුළ බඳගිරියෙන් හමුවී ඇති සමස්ථ කාසි ප‍්‍රමාණය 2000කට ආසන්න වේ.

බඳගිරිය මාර්ග සංවර්ධන කටයුතුවල නිරිත  වී සිටින මාගා සමාගමට අයත් බැකෝ යන්ත‍්‍රයක ගැටී ඉපැරැණි කාසි සහිත මුට්ටියක් බිඳී ඇති අතර එහිදී හමුවූ තඹ කාසි 241ක් එදිනම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බාරදී තිබුණි. ඉන් අනතුරුව ඊට පසුදිනම එම කාසි මුට්ටිය තිබුණේයැයි සැලකුණු ස්ථානය පරීක්ෂා කළ පුරාවිද්‍යා නිලධාරීන්ට  තවත් තඹ කාසි 40ක් හමුවී ඇත. ඒ අනුව පසුගිය 02වන දින බොහෝ මුද්‍රිත මාධ්‍ය මගින් මේ පිළිබඳව පුළුල් ප‍්‍රචාරයක් ද ලබාදී තිබුණි.

මාර්ගය පුළුල් කිරීමේ කටයුතුවලදී බැකෝ යන්ත‍්‍ර මගින් ඉවත් කරන ලද පස් ඒ අසල නිවෙස් ඉදිරිපිට ගොඩගසා ඇති අතර එම පස් ගොඩවල් එකික් එක සූක්ෂමව පරීක්ෂා කිරීමේදී එක් නිවසක් ඉදිරිපිට තිබූ පස් ගොඩක තිබී තුන්වන වරටත් කාසි හමුවී ඇත. මෙදින හමුවී ඇති කාසි වලින් 503ක් වෙන වෙනම ගණනය කළ හැකි අතර ඉතිරි සියල්ල මුට්ටියේ තිබුණු ආකාරයෙන්ම පොදියක් ලෙස පවතී.

මෙසේ හමුවී ඇති තඹ කාසි අනුරාධපුර යුගයේ මෙරටට ගෙනෙන ලද රෝම කාසි හෝ වෙත් විදේශීය කාසි වර්ගයක් විය හැකි අතර පුද්ගල මුහුණු, සූර්ය සංකේත හා හඳුනාගත නොහැකි සංකේත රාශියක් මෙම කාසිවල දක්නට ලැබේ. මෙරට කාසි නිර්මාණ තාක්ෂණය පරීක්ෂා කිරීමේදී මුල් කාලීනව මානව රූප සහිත කාසි (ශ‍්‍රී ලක්ෂ්මී කාසි) භාවිතයේ පැවතියද පුද්ගල මුහුණු පමණක් යෙදූ කාසි භාවිතයේ පැවැති බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබී නොමැත. එම නිසා මෙම කාසි ස්ථිර වශයෙන්ම විදේශීය රටකට අයත්විය හැකි කාසි ලෙස හඳුනාගත හැකිවේ.

මෙම ස්ථානයෙන් හමුවී ඇති මැටි බඳුන්වල නිර්මාණ ලක්ෂණ අනුව ඒවා අනුරාධපුර යුගයට අයත් බවට අනුමාන කළ හැකිවේ. එසේම මැටි බඳුන් නිර්මාණයට යොදාගත් අත්ගල් කිහිපයක්ද මෙම ස්ථානයෙන් හමුවී තිබීම විශේෂත්වයකි. පසුගිය ජූලි මාසයේදී ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාර භූමියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කරන ලද කැණීමකදී මීට බෙහෙවින් සමාන කාසි හමුවී ඇති අතර එම ස්ථානයට පැමිණි මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි මහතා පෙන්වා දී ඇත්තේ ඒවා රෝම කාසි විය හැකි බවයි. ඒ අනුව මෙරට දකුණු ප‍්‍රදේශයෙන් දිගින් දිගටම රෝම කාසි හමුවීම තුළින් රෝමය හා පැරණි රෝහණය අතර පැවැති විදේශීය වෙළඳ සබඳතා පිළිබඳ විශ්වාසය තවදුරටත් තහවුරු වේ.

 

 

 

 

බඳගිරිය ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතු සිදුකරමින් සිටියදී පෞද්ගලික සමාගමකට ඉපැරැණි තඹ කාසි 241 ක්‌ හමුවී තිබේ. ඉන් පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ කැණීම්වලින් එහි තිබී තවත් ඉපැරැණි තඹ කාසි 2000 කට අධික ප්‍රමාණයක්‌ සොයාගෙන තිබේ.

mony2පල්ලේමලල බඳගිරිය මාර්ගයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සිදුකිරීම පෞද්ගලික සමාගමක්‌ මගින් දැනට සති කිහිපයකට පමණ පෙර ආරම්භ කර තිබුණි. එහිදී බඳගිරි ප්‍රදේශයේදී එම සමාගමේ බැකෝ යන්ත්‍රයක ගැටී ඉපැරැණි කාසි මුට්‌ටියක්‌ බිඳී ඇති අතර එහි තිබී පැරැණි තඹ කාසි 241 ක්‌ හමුවී තිබේ. එදිනම ඔවුන් එම කාසි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට භාරදී තිබුණි.

මෙම සිද්ධිය සැලවීමත් සමඟ එම ස්‌ථානයට පැමිණි කලාප භාර නිලධාරි පුරාවිද්‍යා පර්යේෂණ සහකාර සුමේධ පන්ඩිතරත්න සහ සංවර්ධන නිලධාරි අජිත් ඉන්දික යන නිලධාරීන් එම ස්‌ථානයේ සංවර්ධන කටයුතු තාවකාලිකව නතර කරන ලෙසට එම සමාගමෙන් ඉල්ලා තිබේ. ඉන් අනතුරුව එම කාසි මුට්‌ටිය තිබුණේ යෑයි සැලකුණු ස්‌ථානය පරීක්‍ෂා කළ එම පුරාවිද්‍යා නිලධාරීන්ට තවත් තඹ කාසි 40 ක්‌ හමුවී ඇත. පසුදින කාසි හමුවූ ප්‍රදේශය අවට පරීක්‍ෂා කිරීමේදී එම නිලධාරීන්ට තවත් ඉපැරැණි තඹ කාසි 1500 කට අධික ප්‍රමාණයක්‌ සොයා ගැනීමට හැකි වූහ.

mony2 බඳගිරියේ ඉපැරණි කාසි නිධානයක්මාර්ගය පුළුල් කිරීමේ කටයුතුවලදී බැකෝ යන්ත්‍ර මගින් ඉවත් කරන ලද පස්‌ ගොඩවල් සූක්‍ෂම ලෙස පරීක්‍ෂා කිරීමේදී එක්‌ නිවසක්‌ ඉදිරිපිට තිබූ පස්‌ ගොඩක තිබී නැවත වරක්‌ කාසි හමුවී තිබේ. එදින හමුවූ කාසි වලින් 503 ක්‌ වෙනම සොයාගෙන ඇති අතර ඉතිරිය මුට්‌ටියේ තිබුණ ආකාරයෙන්ම පොදියක්‌ ලෙස සොයාගෙන තිබේ.

කාසිවලට අමතරව එම ස්‌ථානයේ තිබී ඉපැරැණි මැටි බඳුන් කැබලි කිහිපයක්‌ සහ මැටි බඳුන් නිර්මාණයට යොදාගත් අත්ගල් දෙකක්‌ද මෙම ස්‌ථානයේ තිබී සොයා ගැනීමට එම පුරාවිද්‍යා නිලධාරීන්ට හැකිවී තිබේ. එම මැටි බඳුන්වල නිර්මාණ ලක්‍ෂණ අනුව ඒවා අනුරාධපුර යුගයට අයත් බවට දැනට අනුමාන කර තිබේ.

බඳගිරියෙන් හමුවූ ඉපැරැණි තඹ කාසිවල පුද්ගල මුහුණු, සූර්ය සංකේත හා තවත් හඳුනාගත නොහැකි සංකේත රාශියක්‌ දක්‌නට ලැබේ. මෙරට කාසි නිර්මාණ තාක්‍ෂණය පරීක්‍ෂා කිරීමේදී මුල් කාලීනව මානව රූප සහිත කාසි (ශ්‍රී ලක්‍ෂ්මී කාසි) භාවිතයේ පැවතියද පුද්ගල මුහුණු පමණක්‌ යොදා කාසි භාවිතයේ පැවති බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබී නොමැත. එම නිසා මෙම කාසි ස්‌ථිර වශයෙන්ම විදේශීය රටකට අයත් විය හැකි කාසි ලෙස හඳුනාගත හැකි වේ. ඒ අනුව මෙම කාසි අනුරාධපුර යුගයේදී රෝමයෙන් හෝ වෙනත් විදේශ රටකින් ශ්‍රී ලංකාවට ගෙනෙන්නට ඇතැයි පුරාවිද්‍යා නිලධාරීහු අනුමාන කරති.

පසුගිය ජුලි මාසයේදී ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාර භූමියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කරන ලද කැණීමකදී හමුවී තිබුණේ මීට බෙහෙවින් සමාන කාසිය. එම ස්‌ථානයට පැමිණි මහාචාර්ය ඔස්‌මන්ඩ් බෝපේආරච්චි මහතා පෙන්වා දී ඇත්තේ ඒවා රෝම කාසි විය හැකි බවයි. එම නිසා බඳගිරියෙන් හමුවූ තඹ කාසිත් එකහා සමාන බැවින් රෝම කාසි ලෙස තීරණය කිරීමට එයද එක්‌ සාධකයක්‌ ලෙස ගත හැකිය.

බඳගිරිය ප්‍රදේශයේ තිබෙන ඉපැරැණි වැවත් රජමහා විහාරයත් අනාදිමත් කාලයක සිට එම ප්‍රදේශයේ හොඳ ජනාවාසයක්‌ තිබුණ බවට සාක්‍ෂි දරයි. පුරාවිද්‍යා නිලධාරීහු පවසන ආකාරයට බඳගිරිය ප්‍රදේශයේ එකල මැටි කර්මාන්තය ආශ්‍රිත විදේශීය වෙළෙඳපොළක්‌ද තිබී ඇත. එයට හොඳම උදාහරණය වනුයේ ඉහත හමුවූ රෝම කාසි හා මැටි බඳුන් කැබලිය. මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්‍ෂණ සිදුකරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසූහ.

පහේ කාසිය දාහට මිලදී ගන්නා අලුත්ම ජාවාරම

13pg-18d-taksalawa-a-pgs

මේ වන විට අපේ සමාජයේ  ඕලන්ද දොයිතු කාසි පිළිබඳ මෙහි දී මහත් ඉල්ලූමක් ඇති බව කියති. මෙය මහා කතිකාවකි. ආත්තම්මා, නත්තා, පනත්තා යන වැඩහිටියන් හමුවේ වෙනදාට වැඩි ගනුදෙනුවක් නොකරන අපේ සමහර ඇත්තෝ අත්තාගේ පෙට්ටගමට තට්ටු කරන්නට එහි ඇති බව කියන, සැක කරන, පැරණි කාසි හෝ නෝට්ටුවලට ඉව අල්ලන ආකාරයද දැකිය හැකිය. 

 

 

අපේ රටේ පැරණි රන්, රිදී, පිත්තල, කාසි හා කොළ සල්ලිවලට නැතහොත් මුදල් කාසි හා නෝට්ටුවලට ඉව අල්ලන නවතම ජාවාරමක් මේ වන විට ලංකාවේ ක‍්‍රියාත්මක වේ.
ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත‍්‍රික්කවලින් ආරම්භ වූ පැරණි කාසි හා මුදල් නෝට්ටු සෙවීමේ ජාවාරම මේ වන විට රත්නපුර දිස්ත‍්‍රික්කයේ ද අවට ප‍්‍රදේශ රැුසක ද පැතිරී  තිබේ.
මේ වන විට දකුණු පළාතේ හා රත්නපුර දිස්ත‍්‍රික්කයේ, කිසියම් සංවිධාන්තාමක  පිරිසක් රත්නපුර ප‍්‍රදේශයේ නිවෙස්වලට පැමිණ රුපියල් පහේ සහ රුපියල් දහයේ කාසි වැඩි මිලක් ගෙවා මිලදී ගන්නා ආකාරයක් දැකිය හැකිය.
කිහිප දෙනෙක් ඇවිත් ගෙවල්වලින් පහේ කාසි කියමින් දළදා මාලිගාව තියන දහයේ කාසිය තමයි ඉස්සෙල්ල ඉල්ලලා තියෙන්නේ. පහේ කාසියක් ගන්නවලූ රුපියල් 1000ත් 1500ත් අතර ගාණකට. දහයේ කාසියට රුපියල් 2000 ක් විතර ගෙවනවා. දැන් ගාල්ල, මාතර හම්බන්තොට, රත්නපුරේ ජනප‍්‍රියම වැඩක් මේක. රත්නපුරේ මෙන්ම ඒ අවට තවත් ප‍්‍රදේශ කිහිපයක ද මෙලෙස කාසි එකතු කිරීම සිදුවන බව අප කළ ගවේෂණයකින් ආනාවරණය විය. කෙසේ වෙතත් කාසි එකතු කරන්නන් කවුරුන් ද? ඔවුන් කාසි එකතු කරන්නේ කුමක් සඳහා දැයි තවමත් තහවුරු වී නැහැ. මෙය අභිරසකි. මෙය පිටරටට ලබාදෙන්නේ ද නැතහොත් වෙනත් ජාවාරමක් සඳහා පසුබිමක්ද යන්න ජනතාව ඉදිරියේ ඇති ප‍්‍රශ්නයයි.
මේ නිසා අපේ පැරණි දේ විනාශ විය හැකි නිසා මේ සම්බන්ධයෙන් රටම දැනුවත් කළ යුතුය. කෙසේ නමුත්, අතේ දොයිතුවක්වත් නැති පප්පලා කාසි හා නෝට්ටු රුපියල් ලක්ෂය, රුපියල් පනස් දහස, රුපියල් විසිපන් දහස, අවම වශයෙන් රුපියල් දස දහස ලබාදෙන බව කියති. මේ ආදී වශයෙන් මිලදී ගන්නා බව කියති. මේ අපේ කාලයේ අමුතුම සෙල්ලමකි. ජාවාරමකි. සත්තකින්ම සමාජ ප‍්‍රශ්නයක් දැයි සිතේ. මානසික පිස්සන්ගේ කටයුත්තක් දැයි විටක සිතෙන්නේ මේ නිසාය. රුපියල් ලක්ෂයකට පනස් දහසකට මේ දියුණු ලෝකයේ කළ හැකි දේ අපරිමිතය.
නමුත් රැුවටී මේ ආකාරයේ ජාවාරම්වලට අත ගසා අපේ පැරිණි දේවල් විනාශ කරනවා මෙන්ම අත්අඩංගුවටද පත්වන්නේ හොරකම් කොල්ල කෑම හා කෞතුක දේ විකිණීමේ ඇති නොහැකියාවේ පදනම බව මේ අයියලා, බාප්පලා නොදන්නා නමුත්, බුද්ධිමත් වූ අපේ රටේ ජනතාව මේ විලම්භීත කතාන්දරයට යට නොවී නතු නොවී බුද්ධිමත්ව කටයුතු කිරීම වටනේය.
අපේ මුදල් පිළිබඳව, මුදල්වල ඇති වටිනාකම හා එහි සැකසුම හා සමාජමය පසුබිම කතා කරන්නට ද මේ අනුව හැකි අතර එය අපේ දැනුමටද අගනේය. නමුත් මේ ජාවාරම්වලට යට වී අපේ පැරණි මුදල් නෝට්ටු හා කාසි වළ පල්ලට දමන්නට කරන මේ අපතයන්ගේ කතාන්දරයට නොරැුවටෙන මෙන් අප පවසන්නේ ඉතාමත් වගකීමෙන් යුතුවයි. අපට ඇති ඉතිහාසයක් මේ කුමන ආකාරයට හෝ සමහර පටු රාජ්‍ය නොවන හෝ ආයතන හරහා පෙනී සිටින රටවල කුලී රූකඩයන් පිරිසකට මෙහි වැදගත්කමක් නැති වුවද සිංහල අපට අපේ දේ වටිනාකමක් තිබේ. ඒ නිසා මෙය ආරක්ෂා කිරීම කළ යුතුව තිබේ.
යම් කිසි ජන සමාජයක විවිධාකාර වූ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා භාවිත කරන   ඕනෑම හුවමාරු මාධ්‍යයක් මුදල් වශයෙන් සැලකිය හැකිය. ඍජු භාණ්ඩ හුවමාරු ක‍්‍රමය යටතේ තම නිෂ්පාදිත භාණ්ඩ වෙනත් අයෙකුට දී ඔහුගෙන් තමාට අවශ්‍ය දෙයක් ලබා ගන්නා ලදී. පටු අවශ්‍යතා ඇති ස්වයංපෝෂිත ග‍්‍රාමීය සමාජයන්හි මෙම භාණ්ඩ හුවමාරු ක‍්‍රමය පහසුවෙන් ක‍්‍රියාත්මක කළ හැකි විය. නමුත් මිනිසුන්ගේ අවශ්‍යතා සංකීර්ණ වීමත් සමඟ මෙම භාණ්ඩ හුවමාරු ක‍්‍රමය අසාර්ථක විය. ඓතිහාසිකව බලන විට විවිධ ද්‍රව්‍ය රැුසක්ම විවිධ අවස්ථාවන්හි හුවමාරු මාධ්‍ය ලෙස භාවිත වී ඇත.
සිප්පි කටු, ලූණු, දුම්කොළ, තඹ, යකඩ, රත්රන් රැුගෙන යාම අපහසු වීම, ඉක්මනින් විනාශ වීම යනා දී දුෂ්කරතා පැවතීම හේතුවෙන් භාණ්ඩ මුදල් භාවිතයද අසාර්ථක විය.
කඩදාසි ව්‍යවහාර මුදල් භාවිතය ප‍්‍රචලිත වී ඇත්තේ හුවමාරු මාධ්‍යයක් වශයෙන් ඵය ලබා දෙන පහසුව නිසාය. මුදල් නෝට්ටු පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි අතර, ඒකරාශී කර තබා ගැනීමද පහසුය.
වාණිජ බැංකු පවත්වාගෙන යන ඉල්ලූම් තැන්පත් හෙවත් ජංගම ගිණුම්වල ශේෂ බැංකු මුදල් ලෙස හඳුන්වයි. ජංගම ගිණුම්වල ශේෂ ගනුදෙනු සඳහා භාවිතා කරන්නේ චෙක්පත් නිකුත් කිරීමෙනි. චෙක්පත් ව්‍යවහාර මුදල් ලෙසම ගනුදෙනු සඳහා භාවිත කරයි. බැංකු මුදල් ව්‍යවහාර මුදල් මෙන්ම 100% ක්ම ද්‍රවශීලතාවයෙන් යුක්ත යැයි පිළිනොගනී. එහෙත් බැංකු මුදල් ආසන්න මුදල්වලට වඩා ද්‍රවශීලතාවයෙන් යුක්තය.
මුදල්වල ලක්ෂණ, සමජාතීය වීම, පහසුවෙන් හදුනාගත හැකිවීම, කල්පැවතීම, පහසුවෙන් ගෙනයා හැකි වීම, කුඩා කොටස්වලට බෙදිය හැකි වීම, හිඟකමක් තිබීම, වටිනාකම සමබරව පැවතීම, පහසුවෙන් නිපදවිය නොහැකි වීම, මුදලේ කාර්යයන්, විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම x එනම් භාණ්ඩ හුවමාරුවේදී අතරමැදියකු ලෙස ක‍්‍රියාකිරීමටද, වටිනාකම මැනීමේ මිනුම් දණ්ඩක් වීම – නූතන මුදල් ආර්ථිකයන්හි වටිනාකම සැසඳීමට, වටිනාකම මැනීමට මුදල් භාවිතය ඉතා වැදගත් වී ඇත.
විලම්භීත ගෙවුම් මාධ්‍යයක් ලෙස ක‍්‍රියාකිරීම වර්තමාන ගනුදෙනුවක වටිනාකම අනාගතයේදී ගෙවිය හැකිවීම, වටිනාකමේ සන්නිධියක් ලෙස ක‍්‍රියාකිරීම, ආයෝජන මාධ්‍යයක් ලෙස, මුදලේ වටිනාකම, මුදලේ වටිනාකම යනු භාණ්ඩයක් හෝ සේවාවක් සමඟ හුවමාරුවේදී එහි ඇතිවන වටිනාකම හෙවත් මුදලේ ක‍්‍ර‍්‍රයශක්තියයි. එනම් මුදලින් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප‍්‍රමාණයයි. මෙය මිල මට්ටම මත රඳා පවතිනු ඇත.
මුදල් නීති පනතේ 49 වැනි වගන්තිය යටතේ ශ‍්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ පරම අධිකාරිය හා බලය ශ‍්‍රී ලංකා මහ බැංකුවට හිමිවේ. ශ‍්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කරන ලද මුදල් නෝට්ටු හා කාසි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිමිකම් වන අතර ඒවා ශ‍්‍රී ලංකාව ඇතුළත  ඕනෑම මුදල් ප‍්‍රමාණයක් ගෙවීම සඳහා නීත්‍යානුකූල මුදල් ලෙස සැලකේ.
1952/1953 වර්ෂයන්හි ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ප‍්‍රථම වරට ව්‍යවහාර මුදල් නෝට්ටු නිකුත් කිරීම ආරම්භ කරන ලදී. එහෙත් නෝට්ටු සඳහා දේශීය ලාංඡුන යොදා ගැනීමත්, සිංහල භාෂාව යොදා ගැනීමත් 1956 දී සිදුවිය. 1963 දී මහ බැංකුව ප‍්‍රථම වරට කාසි නිකුත් කිරීම ආරම්භ කරන ලදී. දැනට රු 5000, රු. 2000, රු. 1000, රු. 500, රු. 100, රු 50, රු. 20 හා රු. 10 යන අගයන්ගෙන් යුත් මුදල් නෝට්ටුද රු. 10, රු. 5, රු. 2, රු. 1 හා ශත 50, ශත 25 යන අගයන්ගෙන් යුත් කාසිද නිකුත් කෙරේ.
භාණ්ඩ හා සේවා මිලදී ගත හැකි හා ණය ගෙවිය හැකි   ඕනෑම ස්වරූපයක දෙයක් මුදල් නම් වේ. මුදල් වන ප‍්‍රධාන වැදගත්කම් හුවමාරු මාධ්‍යයක් වීම, ගබඩා කළ හැකි වීම හා මැනිය හැකි වටිනාකමක් ඇති දෙයක් වීමයි. මුදල් යනු සම්මත විලම්භීත ගෙවීම් මාධ්‍යයක් ලෙස හඳුන්වා ඇත. මුදල්වලට සංසරණය වන ව්‍යවහාර මුදල් මෙන්ම, ඉතිරි කිරීමේ ගිණුම්, ඉල්ලූම් තැන්පතු හා තැන්පතු සහතික අයත් වේ. වත්මන් සමාජයේ ව්‍යවහාරික මුදල් යනු, මුදල්වල කුඩාම ඒකකයයි.
මුදල් යනු ඝනව වටිනාකම ඇති ඒකකයක් නොව, ආර්ථිකයේ පිළිගත් වටිනාකමක් ඇති ඒකකයකි. මුදල් යනු ආර්ථික විද්‍යාවේ ඇති මුල්‍යමය කටයුතුවලට තිබෙන විශ්වාසදායකම ඒකකයි. මුදල් නොමැති සමාජයක දී  භාණ්ඩ හුවමාරැු කරගැනීමේදී භාණ්ඩ ඇති වුවමනාව හා එහි වටිනාකම මැනීම යනු ගැටළු සහගත විය. මුදල් භාවිතය වෙළෙඳ හා කම්කරු ක්‍ෂේත‍්‍ර දියුණුවට හේතු විය.
ලංකාවේ තවත් පැරණි මුදල් නෝට්ටු සහ පැරණි කාසි කිහිපයක් පිළිබඳව කතා කිරීමේ දී කාලයෙන් කාලයට කරළියට එන විලම්භීත කාරයක් වශයෙන්ද මේ කාසි හා නෝට්ටු ගන්න බව, සඳහන්ය.
දැන් කරළියට පැමිණ ඇති වී. ඕ.සී. කාසි හා රැජිනගේ කාසි මෙන්ම 1947, 48 ආදී වර්ෂවල හා පැරණි කාසි ගන්නා බව කියන කතාන්දරයක් නිසා මේ වන විට සමාජයේ යම් කතිකාවතක් මෙන්ම මිලදී ගන්නා වූ බයර්ලා නොහොත් බ්‍රෝකර්ලා ද සිටින බව කියති. මෙය වැඩිහිටියන් අතර විතරක් නොව වත්මන් සමාජයේ තරුණ තරුණියන් අතරද දැනට ගනුදෙනු කිරීමේ කතාන්දරය දැකිය හැකිය. පැරණි කාසියක් ලක්ෂයකට, රුපියල් පනස් දහසකට තවත් විවිධ වාර්ෂවල, රන්, රිදී, පිත්තල කාසි ඉහත මිල ගණන්වල උපරිමයක් යටතේ, රුපියල් ලක්ෂයකට මිලදී  ගන්නා බවක් මේ වන විට රට පුරා ආන්දෝලනයක් ඇතිව තිබේ.
මේ සෑම මුදල් නෝට්ටුවක්ම අපේ රටේ දේශීයත්වය, අලංකාර පරිසරය, කර්මාන්ත, සංස්කෘතිය ආදිය විදහාපාන තවත් කලා නිර්මාණයක් ලෙස සැලකුවත් වරදක් නැහැ. ඒ තරමටම ඒවා අලංකාරයි. මේ වැනි අපේ සංස්කෘතිය, සුද්දාට හෝ කාරිය කරවන රාලලාට සහේට දීමට, දීගතල දීමට තරම් අප නොදරුවන් නොවනු ඇත.
මේ වන විට අපේ සමාජයේ  ඕලන්ද දොයිතු කාසි පිළිබඳ මෙහි දී මහත් ඉල්ලූමක් ඇති බව කියති. මෙය මහා කතිකාවකි. ආත්තම්මා, නත්ත, පනත්තා යන වැඩහිටියන් හමුවේ වෙනදාට වැඩි ගනුදෙනුවක් නොකරන අපේ සමහර ඇත්තෝ අත්තාගේ පෙට්ටගමට තට්ටු කරන්නට එහි ඇති බව කියන, සැක කරන, පැරණි කාසි හෝ නෝට්ටුවලට ඉව අල්ලන ආකාරයද දැකිය හැකිය. කාලයෙන් කාලයට මෙම කතාන්දර යම් වසංගතයක් මෙන් සමාජයේ පැතිරයන ආකාරයක් සෙයක් දැකිය දැකිය. මෙය රටේ ප‍්‍රශ්න හෝ සමාජයේ යම් ගැටලූවක් යටපත් කරන්ට සිදුකරන සංවිධානාත්මක දේශපාලන සමාජ සංස්කෘතික මර උගුලක් ද විය හැකිය. ඒ නිසා පරිස්සම් වීම වැදගත් වේ.

http://www.lankadeepa.lk/  2014 දෙසැම්බර් මස 18

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව – නාණක විද්‍යාව

අභිලේඛන හා නාණක විද්‍යා අංශය

අභිලේඛන විශාල ප්‍රමාණයක් සහ අතීතයේ දී සංසරණය වු විවිධ වර්ගයේ කාසි ශ්‍රී ලංකාවේ නොයෙක් ප්‍රදේශවල විසිර පවතී. විවිධ ඓතිහාසික සන්සිද්ධි පිළිබඳව නිවැරදිව කියැවෙන මෙම ලේඛන හා කාසිවලින් ශ්‍රී ලාංකේය ඉතිහාසය ගොඩනැගීම සඳහා ලැබෙන පිටිවහල ප්‍රසංශනීයයි.

අතීත ජීව ගුණයෙන් පරිපූර්ණ වූ මෙම සාධක සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ නෛතික අයිතිය හිමිව ඇත්තේ අභිලේඛන හා නාණක විද්‍යා අංශයටයි. එම උරුමයන් තුළ සැඟව ඇති අතීතයේ සිදු වු යම් යම් සිදුවීම් හා ක්‍රියාකාරකම් මගින් වඩාත් තාර්කික වූත් ඉතිහාසයක් ගොඩනැගිය හැකි බව ජනතාව දැනුවත් කරමින් ඒවා ආරක්‍ෂා කර ඉදිරි පරපුරට උරුමකර දීමේ වගකීම අභිලේඛන හා නාණක විද්‍යා අංශය සතු වේ.

ශ්‍රි ලාංකීය අනාගත පරපුරට අභිලේඛන හා නාණකවිද්‍යාත්මක උරුමය දායාද කිරීමේ අභිප්‍රාය පෙරදැරි කරගෙන අංශයේ ඉදිරි දැක්ම, මෙහෙවර හා කාර්ය භාරය සකස් වී ඇත.

කාර්ය භාරය
සියලූ ම අභිලේඛන හා කාසි හඳුනා ගැනීම සහ ලේඛන ගත කිරීම.
අභිලේඛන ස්පර්ශ ලාංඡන ගැනීම.
රැස්කරන ලද ක්ෂේත්‍ර දත්ත සහ ස්පර්ශ ලාංඡන ආරක්‍ෂා කිරීම හා පවත්වාගෙන යාම.
අභිලේඛන කියවීම.
පර්යේෂණ කිරීම.
පර්යේෂණ ප්‍රථිඵල ප්‍රකාශයට අවශ්‍ය මූලික කටයුතු සකස් කිරීම.
අභිලේඛන ආරක්‍ෂා කිරීම සඳහා අදාළ අංශවලට නිර්දේශ ඉදිරිපත් කිරීම හා අවශ්‍යය දත්ත සැපයීම.
ව්‍යාපෘති
අභිලේඛන හා නාණකවිද්‍යා අංශය මගින් විවිධ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරයි
ශ්‍රී ලංකාවේ ශිලාලේඛන දිස්ත්‍රික්ක මට්ටමින් සුචි ගත කිරීමේ ව්‍යාපෘතිය
ඓතිහාසික අභිලේඛන වාර්තාගත කිරීමේ ව්‍යාපෘතිය
කාසි සුචි ගත කිරීමේ ව්‍යාපෘතිය
ශිලාලේඛන ප්‍රකාශයට පත් කිරීමේ ව්‍යාපෘතිය
ශිලාලේඛන පරිවර්තන නාම පුවරු සකස් කිරීමේ ව්‍යාපෘතිය
ශිලාලේඛන පිටපත් හා ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය
තොරතුරු දැනුම් දීම
දුරකතන අංකය – 0112 – 2695609
ලිපිනය – අභිලේඛන හා නාණක විද්‍යා අංශය
ශ්‍රිමත් මාකස් ප්‍රනාන්දු මාවත,
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,
කොළඹ 07.
අභිලේඛන
ඕනෑ ම මතුපිටක් මත ලියන ලද පැරණි ලේඛන හෝ සංකේත අභිලේඛන නම් වේ. ලාංකිකයා බොහෝ විට අක්‍ෂර ලිවීම සඳහා යොදා ගත්තේ ගල්තලයයි. මීට අමතරව මැටි, කඩදාසි, ලී, සහ රන්, රිදී, තඹ ආදි ලෝහ වර්ග ද ලේඛන මාධ්‍ය වශයෙන් භාවිතයට ගෙන ඇත.

පූර්ව බ්‍රාහ්මී
අපර බ්‍රාහ්මී
පරිවර්තිත බ්‍රාහ්මී
මධ්‍යකාලීන සිංහල
නූතන සිංහල
යන අක්‍ෂර විද්‍යාත්මක අවධිවලට මේ අභිලේඛන අයත් වේ. මෙයට අමතර ව දෙමළ, චීන, අරාබි, පර්සියන්, සංස්කෘත, පාලි ආදී භාෂාවලින් ලියු ලිපි ද වේ. අතීතයේ දී ශ්‍රී ලංකාවට එල්ල වූ විදේශීය බලපෑම්වල ප්‍රබලත්වය මෙම ලිපිවලින් මනාව පැහැදිලි වෙයි.

ශිලාලේඛන ව්‍යාප්තිය
ශ්‍රී ලංකාවේ අක්ෂර විකාශය

අභිලේඛන බොහෝමයක සඳහන් වනුයේ රජවරු හා මහජනතාව විසින් බෞද්ධ විහාරාරාමවලට සහ සංඝයාට කරන ලද ප්‍රදානයන් පිළිබඳවයි. එසේ ම පැරණි ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික, දේශපාලනික හා සමාජීය තත්තවය පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අභිලේඛන වලින් සැපයෙන දායකත්වය ප්‍රශංසනීයයි.

ශ්‍රී ලංකාවේ පැරණි කාසි
අතීත මුතුන්මිත්තන්ගේ සවිමත් දෑතින් නිමවුණු පැරණි දාගැබ්, පෙති පිළිම, වැව් අමුණු වැනි නිර්මාණ අපේ ඉතිහාසයේ විවිධ මංසලකුණු ලොවට හෙළි කරයි. මහා පරිමාණ නිර්මාණාත්මක අංගවලට අනුගත වෙමින් නිමැවුණු කුඩා කාසි ද අපේ උරුමය පිළිබඳ ව කීමට හැකි තරම් විශිෂ්ඨ තත්ත්වයේ ඒවා ය. පුරාවිද්‍යා පර්යේෂණ තුළින් අනාවරණය කර ගන්නා පැරැන්නන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා පොළොව යට සැඟවුණු කාසි මගින් පුරාණයේ පැවති කාසි නාමාවලී ගතකිරීමට මෙන් ම ඉතිහාසය අර්ථ දැක්වීම සඳහා ද සපයන දායකත්වය අතිමහත් ය.

අපේ රටේ පැවති මේ ප්‍රාථමික ගනුදෙනු පිළිබඳ පැරණිතම සාධක හමුවන්නේ මෙසොලිතික ජන සමාජය තුළින් ය.

ක්‍රිස්තු පූර්ව 3 වන සියවස වන විට ශ්‍රී ලංකාවේ කාසි භාවිතයේ ප්‍රභවය සිදු විය. මෙම කාසි නිෂ්පාදනය ක්‍රමානුකූල සැලැස්මකට අනුගත වූ බව රූපදක (කාසි අධ්‍යක්‍ෂ), රූපවාපර (කාසි අනුමතකරන්නා) ආදි කාසි නිෂ්පාදනයට අදාළ තනතුරු නාමයන් ලෙන් ලිපිවල සඳහන් වීමෙන් පැහැදිලි වෙයි. ශ්‍රී ලංකාවේ කාසි සංසරණය පිළිබඳ ව දැනට සොයා ගෙන ඇති පැරණිතම ලිඛිත සඳහන හමු වන්නේ ද මේ ලෙන් ලිපි ආශ්‍රයෙනි.

ලාංකිකයන් දේශීය මෙන් ම විදේශීය වෙළෙඳාමට අවතීර්ණවීම කාසි සංසරණයේ ආරම්භයට හා වර්ධනයට බලපෑ ප්‍රබල සාධකයක් විය. අතීතයේ භාවිත කාසි මගින් සමකාලීන සමාජීය තොරතුරු රැසක් ද අනාවරණය කර ගත හැකි ය. පුරාණ ශ්‍රී ලංකාවේ පැවති කාසි වර්ග කිහිපයක් මේ වන විටත් භාවිත කාලරාමුවක් අනුව දේශීය හා විදේශීය කාසි යනුවෙන් වෙන වෙන ම හඳුනාගෙන පෙළගස්වා තිබේ.

දේශීය කාසි
ලෝහ නිෂ්පාදනයත් සමඟ හුවමාරු මාධ්‍ය ලෙස විවිධ හැඩතලවලින් යුත් ලෝහ කැබලි භාවිත කරන්නට යොමු වී තිබේ. පසුව ක්‍රමවත් හැඩයකින් යුතුව කාසි බිහි විය.

හස් එබූ කාසි
ස්වස්තික කාසි
ඇතා සහ ස්වස්තික කාසිය
ගස සහ ස්වස්තික කාසිය
සිංහයා සහ ස්වස්තික කාසිය
සිංහ කාසි
වෘෂභ කාසි
ලක්‍ෂ්මි කාසි
රන් කහවණුව හා අනුකොටස්
මධ්‍යකාලින තඹ මස්ස කාසි
යාපනයේ සේතු කාසි
මස්ස කාසි
පනම
අඟුටු මස්ස / කොකු කාසිය

විදේශීය කාසි
ශ්‍රී ලංකාව අතීතයේ පටන් ම පෙරපර දෙදිග වෙළඳ මධ්‍යස්ථානයක් විය. වෙළඳ කටයුතු මෙන් ම රාජ්‍යතාන්ත්‍රීක සබඳතා, සංචාරක කටයුතු හා අධිරාජ්‍යවාදී ආක්‍රමණ මත ශ්‍රී ලංකාව නිරන්තරයෙන් විදේශීය බලපෑමට ලක්විය. ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් හමුවන කාසිවලින් මේ බව තහවුරු වේ.

රෝම
සොළි – පාණ්ඩ්‍ය කාසි (චෝළ – පල්ලව)
චීන
අරාබි
පගෝදි
පෘතුගිසී
ලන්දේසි
ඉංග්‍රීසි
හස් එබූ කහාපණ
ශ්‍රී ලංකාවේ භාවිත වූ පැරණි ම කාසිය ලෙස හස් එබූ කහපණ හඳුනා ගත හැකි ය. මෙම කාසි තඹ හා රීදී ලෝහයෙන් නිෂ්පාදිත අතර ආරම්භයේ දී යකඩ පතුරු භාවිත කර අවශ්‍ය ප්‍රමාණයට කපා සකස් කර ඇත. පසුව වෘත්තාකාර, ඕවලාකාර සහ චතුරස්‍රාකාර ආදී හැඩවලින් අච්චු නිර්මාණය කර බර සමාන කර ගෙන තිබේ. ප්‍රමාණයෙන් සෙන්ටිමීටර් 1-1.5 ත් පමණ වන අතර බර ග්‍රේන්ස් 45 ක් පමණ වේ. අභිමුඛයේ බොහෝ සංකේත දැකිය හැකි ය. ක්‍රිස්තු පූර්ව 3 සිට ක්‍රිස්තු වර්ෂ 1 සියවස දක්වා භාවිත වී ඇත.
http://www.archaeology.gov.lk/web/index.php?option=com_content&view=article&id=57&Itemid=87&lang=si

පුරාණ කාසි

කාසි
කාසි ගැන අධ්යනය කරන විද්යාව “නාණක විද්යාව” කියලා හදුන්වනවා. පුරාවිද්යාත්මක මූලාශ්රයක් විදිහට කාසි හරිම වැදගත්. මේ වෙනකොට අපේ රටෙන් එක එක වර්ග වලට අයිති කාසි හොයා ගෙන තියෙනවා.

# හස්පිබු කාසි
# පුරාණ කාසි
# ගරණ කාසි
# රන් මසු
# රන් අඩ මසු
# දඹදෙනි තඹ මසු
# ඇතා සහ බෞද්ධ ස්වස්තිකය සහිත කාසි
# ලක්ෂ්මි කාසි
# ලැරිතය
# VOC කාසි
# රෝම කාසි
# ඉන්දු රෝම කාසි
# චීන කාසි

රටක කාසි භාවිතයෙන් ඒ රටේ ආර්ථික සoවර්ධනය මනින්න පුලුවන්. කලින් තිබුණු භාණ්ඩ හුවමාරු ක්රමය වෙනුවට කාසි, එහෙමත් නැත්නම් මුදල් නිකුත් කරන්න ගත්තෙ භාණ්ඩ හුවමාරු ක්රමයේදී ප්රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණු නිසයි.

# කුඩා කොටස් වලට බෙදීමේ අපහසුව
# උවමනාවල නොගැලපීම
# ඉක්මනින් නෂ්ය වීම
# පොදු මිනුමක් නොතිබීම

ඒත් මුදල් නිකුත් වෙන්න පටන් ගත්තයින් පස්සෙ, භාණ්ඩ හුවමාරු ක්රමයට වඩා වාසි සහගත වෙන්න ගත්තා.

# පොදු පිළිගැනීමක් තිබීම
# කුඩා කොටස්වලට බෙදිය හැකි වීම
# පහසුවෙන් හදුනා ගත හැකි වීම
# ඉක්මනින් නෂ්ය නොවීම
# සැහැල්ලු බව
# සුලභ බව
# අනුකරණය අපහසු වීම
# විනිමය මාධ්යක්ව ක්රියා කිරීම
# වටිනාකමේ මිනුමක්ව ක්රියා කිරීම
# වටිනාකම රැස් කිරීමේ සන්නිධියක්ව ක්රියා කිරීම
# විලම්බීත ගෙවුම් මාධ්යක් වීම

මේ කාරණා නිසා කාසි නිකුත් වෙන්න පටන් ගත්තා. කාසිවලින් ඒ ඒ යුගවල අපේ රටේ තිබුණ ආර්ථික සහ තාක්ෂණික දියුණුව මැන ගන්න පුළුවන්. මේ කාසි නිෂ්පාදනය කරන්න රත්තරo, රිදී, තඹ වගේ ලෝහ කාසි භාවිතා කළා. රන් කාසි නිකුත් කළේ ගොඩක් ශක්තිමත් ආර්ථිකයක් තිබුණම විතරයි. ආර්ථිකය පිරිහෙන්න පිරිහෙන්න, කාසි නිෂ්පාදනය කරන්න ගත්තු ලෝහයේ වටිනාකමත් අඩු වෙන්න ගත්තා. ( රන්—> රිදී—> තඹ )
ඒ වගේම ජාත්යන්තර වෙළදාම සහ විදේශීය සම්බන්ධතාත් කාසි වලින් තහවුරු කර ගන්න පුලුවන්. එක රටකට අයිති කාසි, තවත් රටක තිබිලා හම්බුනොත් ඒකෙන් නිගමනය කර ගන්න පුලුවන් රටවල් දෙක අතර තිබුණු සම්බන්ධතා ගැන.

උදා ;-
මහා පරාක්රමබාහු රජුට අයත් කාසි දකුණු ඉන්දියාවෙන් සොයා ගැනීම.
ලoකාවෙන් හම්බුනු රෝම, චීන, ඉන්දීය කාසිවලිනුත් පැරණි විදේශීය සම්බන්ධතා ගැන තොරතුරු හෙළි කර ගන්න පුලුවන්. ඒ වගේම සාහිත්ය මූලාශ්රවල සදහන් වෙන රෝමය, චීනය, පර්සියාව වගේ රටවල් එක්ක පවත්වපු දේශපාලනික, ආර්ථික, සoස්කෘතික සම්බන්ධතා ගැනත්, කාසි වලින් හෙළි කර ගන්න පුලුවන්.

ඒ වගේම කාසි හොයා ගත්ත ප්රදේශ පදනම් කර ගෙන රාජ්ය ව්යාප්තිය ගැන සoකල්ප ගොඩ නගන්නත් පුලුවන්. සමහරක් රජවරු නිකුත් කරපු කාසි හොයා ගත්ත ප්රදේශ වලින්, ඒ අයගේ පාලන බලය පැතිරුනු ප්රදේශ ගැන දළ අදහසක් ගන්නත් පුලුවන් වෙනවා.

HISTORY OF COIN COLLECTION

Hoarding coins due to their values goes back to the beginning of coinage, but collecting them as art pieces was a much later development. Coin collecting has a curious name. It is also called the “Hobby of Kings”. Modern coin collecting is generally believed to have begun in the fourteenth century with Patriarch. Roman emperors are known to have coin collections but the purpose behind it is still unclear.

THIS HOBBY CAN WORK WONDERS:-

Coin collection helps you acquire the following skills:-

a) Improved reading ability
b) Improved comprehension
c) Organizational skills
d) Self-confidence
e) Pride
f) Becoming interested in history and culture Neatness
g) Ability to set and reach goals
h) Self-esteem
i) Ability to establish priorities
j) Understanding the value of money
k) Gaining specialized Knowledge

THE FACTORS INFLUENCING THE WORTH OF COINS

coins
Identification – Where is the coin from, what is the original face value etc.

Authenticity – Counterfeits do exist and experts can determine this

Damage – Obviously if the coin has been damaged or tampered with the value will go down.

Rarity-Determining a coin’s rarity can be a difficult job and is a subjective matter. In numismatics, demand has a great influence on our ideas about rarity. Scarcity is determined by the mintage per year, per mint mark, and per grade, plus any special “varieties” or “types”. There are guide books that show all the mintages, dates, mint marks, and variations of coins as well as their values. These guides can help you understand how these factors work together to change a coins value.

In short, take your coins to an expert and have them checked.

HOW TO GO ABOUT IT?
The old saying, “Find a penny, pick it up, and all day long you’ll have good luck”, might be a good motivation for one looking to adopt coin collection as a hobby. Anyone can start a coin collection. It’s easy and fun to start collecting on your own. You can begin simply, with just the coins in your pocket. And from there, your hobby will grow into a lifelong hobby with a little, diligence, perseverance, discipline and patience. Coin collecting is both educational and informative.

coins

For kids of your age, all you need is an interest in coins, a sharp eye, and a box to put them in. You can look in your pocket change, at department stores, at flea markets, in penny dishes or in the cheap bins at coin shops.

Don’t worry about if it’s worth anything- just start with whatever strikes your fancy.
If you want to take special care of your coins so that they don’t get scratched ,you can put each one in a small paper envelope before you put it in a box.

The first thing you will need to do is to visit your local hobby shop. There you can purchase a magnifying glass, some coins, and some coin storage materials.

Once you have collected a good number of coins, you will need to decide the type of your collection and the choices can be confusing and endless. You can collect them separately or buy pre-assembled sets of Lincoln pennies, Buffalo nickels, Mercury dimes, coins from foreign lands, and so on, to start your collection with. Maybe you want to just collect coins from a certain time period that interest you. Whatever your decision, stick with it and work to completing your collection.

You can add to your collection by visiting coin shows or trading with family and friends who might shares interest with you.

The final step is to get out there, enjoy the hobby and pull together the most amazing collection of coins ever assembled.

coins
ARTICLES YOU NEED FOR COIN COLLECTION:-

1>You can purchase coin folders from any hobby store or book store. They make them with two styles, dated and undated. This way you can keep track of what coins you have, or just keep them organized. Coin Sleeves and plastic holders are also a nice choice for the collector. Coin dealers should carry all the coin supplies that you would need to begin your coin collecting.

2>A good guide book will help you, not only help you price your coins, but it will help you, get acquainted with the coins that you are hoping to collect. There are also coin guides for World Coins as well. If you were curious on collecting foreign coins, you will definitely need a guide book for these as well.

3>A magnifying glass is a valuable tool for looking at the fine details of each coin. They are used to view the coins acquired by you. They can help you aid in grading your coins, and seeing the finer details of the coins.

4>One of the last coin collecting supplies that you will basically need is a nice storage box to keep your coins in.

COIN HANDLING

coins
You will possibly want to buy coins that are at least in reasonably good condition and in order to keep them in their best condition possible, you will have to handle your coins and store them properly. Always avoid touching the surface of the coins, your fingers contain acid that is extremely harmful to the surface of the coin. Make it a habit to hold the coin by its edges between your thumb and forefinger. Never touch the front or back of the coin as the oil from your skin can actually make marks on the coin. You should also thoroughly wash your hands before you handle your coins, plus when viewing a coin place it on a soft surface. There are several types of coin holders available in the market today. Keep your coins in the holders out of direct sunlight and damp places. Try to store them in a dry environment.

Coin collection is an age old hobby and has become a tradition over the years. Many people pass it from one generation to another, a custom as American as the apple pie. As a collection grows old so does its value and rarity. Moreover it is a hobby which can be enjoyed by all young and old. Many parents can participate with their children and bond better with them.

Read more at http://www.kidsgen.com/hobbies/coin_collecting.htm#TD6Qra7G2pHrGYmv.99

LIST OF MONARCHS IN LANKA FROM 691 to 1518

APPENDIX 1 – LIST OF MONARCHS IN LANKA FROM 691 to 1518
Monarch
King From
King To
Ruled From
Remarks
KINGDOM OF ANURHADAPURA  (377BC to 1017)
House of Lambakanna II  (691 to 1017)
Manavanna 691 726 Anurhadapura Pallava Influence
Aggabhodi V 726 732
Kassapa III 732 738
Mahinda I 738 741
Aggabhodi VI 741 781
Aggabhodi VII 781 787
Mahinda II 787 807
Dappula II 807 812
Mahinda III 812 816
Aggabhodi VIII 816 827
Dappula III 827 843
Aggabhodi IX 843 846
Sena I 846 866 Pandyan Influence
Sena II 866 901
Udaya I 901 912
Kassapa IV 912 929
Kassapa V 929 939
Dappula IV 939 940
Dappula V 940 952
Udaya II 952 955
Sena III 955 964
Udaya III 964 972
Sena IV 972 975
Mahinda IV 975 991
Sena V 991 1001 Chola Influence
Mahinda V 1001 1017
Chola Occupation (1017-1070)
Rajendra Chola I 1017 1044 Polonnaruwa Chola Occupation
Rajadhiraja Chola 1044 1054
Rajendra Chola II 1054 1063
Virarajendra Chola 1063 1070
KINGDOM OF POLONNARUWA (1056-1236)
House of Vijayabahu (1056-1187)
Vijayabahu I 1070 1111 Polonnaruwa Massa Minted
Vikramabahu I 1111 1132
Gajabahu II 1132 1153
Parakramabahu I (The Great) 1153 1186 Massa Minted
Vijayabahu II 1186 1187
Mahinda VI 1187 1187
House of Kalinga(1187-1197)
Nissanka Malla 1187 1196 Massa Minted
Codaganga 1196 1197 Massa Minted
House of Vijayabahu Restored (1197-1200)
Lilavati 1197 1200 Massa Minted
House of Kalinga Restored (1200-1209)
Sahassa Malla 1200 1202 Massa Minted
Kalyanavati 1202 1208
Dharmasoka 1208 1209 Massa Minted
Anikanga 1209 1209
House of Vijayabahu Restored (1209-1212)
Lilivati 1209 1210 Massa Minted
Lokissara( Tamil army leader) ruled temporarily during 1211
Lilivati 1211 1212 Massa Minted
Pandyan Dynasty (1212-1215)
Parakrama Pandya (A Tamil General) 1212 1215
Jaffna Kingdom
Kalinga Magha 1215 1236
KINGDOM OF DAMBADENIYA (1220-1344)
Vijayabahu III 1220 1234 Dambadeniya
Parakramabahu II 1234 1268 Massa Minted
Vijayabahu IV 1268 1270 Massa Minted
Bhuvanaikabahu I 1271 1283 Massa Minted
Interregnum 1283 1302
Parakramabahu III 1302 1310 Polonnaruwa
Bhuvanaikabahu II 1310 1325 Kurunegala
Parakkamabahu IV 1325 1326
Vijayabahu V 1326 1344? History very unclear
KINGDOM OF GAMPOLA (1344 – 1412)
Bhuvanaikabahu IV (jointly with below) 1344 1354 Gampola
Parakramabahu V 1344 1359
Vikramabahu III 1359 1374
Bhuvanaikabahu V 1373 1392
Vira Bahu II 1392 1397
Two sons of above ruled briefly 1397
Vira Alakesvara 1397 1409 Raigama
Parakrama Bahu Epa 1409 1412
KINGDOM OF KOTTE (1412 – 1597)
Parakramabahu VI 1412 1467 Kotte Massa Minted
Jayabahu II 1467 1472
Bhuvanekabahu VI 1472 1480
Parakramabahu VII 1480 1484
Parakramabahu VIII 1484 1518
Ater the Portuguese arrived in the island in 1506 Sinhalese Kings continued to rule until 1815 but their power
and influence over the coastal regions was much reduced.  The subsequent internal numismatic history of Ceylon,
with Silver Larins (kuku ridi), Panams, and copper Varugam, etc  is less well documented as they did not carry the
Monarch’s name like the massa coins.
Some overlap occurs in certain reigns, particularly during the Chola occupation, and the Pandyan Dynasty
but the periods have been adjusted to represent the Monarch most likely in control of the island as a whole.

The history of coin collecting

The history of coin collecting is as old as money itself. To the uninitiated, coins are merely curiosities like flies in amber, but their real position is far higher than this.Most of them stand out as illustrations of history, many of them as keys to historical and other problems. In addition, they provide us with numberless examples of antique art.
It may be safely asserted that there are few coins which do not stand as reflections of the time and country that produced them or which do not offer a symbol and summary of some interesting aspect of life. No other objects of art contain so much within so small a compass and condense the history of the civilized world.

The first means of acquiring the necessities of life was by means of barter, exchanging items such as cattle, agricultural produce and skins or furs. Then with the knowledge of metals and an appreciation of gold and silver came the idea of simplifying the process. The obvious choices were metals as they had the advantage of being portable and the demand for them was constant.

The ancients adopted metals as a circulating media and assigned a monetary value to ingots of gold and silver. The purchase by Abraham of the cave of Machpelah for the sum of four hundred shekels of silver was transacted with bars or ingots. The shekal of the Bible stood for a unit of value of gold or silver. Gold or silver has since been the primary means of assessing the value of most items.
The first metal coins were crude affairs. While the originator of the first metal stamped coin is very much in doubt, it is generally agreed that they were first issued on one of the islands of Greece. These coins bore a face, the reverse bearing simply a crossmark of the die. The Greeks, Persians and finally the Romans minted coins of silver, gold and bronze. crossmark of the die

Numismatists (coin collectors) today, “generally” collect items in three main areas of interest. The areas most collected today are Ancient Coins, mostly of Greek or Roman origin, Medieval or hammered coinage (a.d. 476-1453), Modern era.

1 4 5 6