මුද්දර කාසි හා නෝට්ටු හරහා අපේ හදවතට කතාකරන සිත්තරා

 

මම බොහෝ වේලා ඒ චිත්‍රය දෙස බලා සිටි­යෙමි. අතී­තයේ දිනෙක විල්පත්තු කැලෑව මැදින් යමින් සිටි­යදි දෑස් ඉදි­රියට හමුවූ, වලි­කු­කු­ළන් හා චිත්‍රයේ හිඳින වලි­කු­කුළා, ­කි­කි­ළිය අතර කිසිඳු වෙන­සක් නැත. එය ඡායා­රූ­ප­යක් තර­ම­ටම පැහැ­දි­ලිය. සජීවී ලෙසින් පක්ෂීන් චිත්‍ර­ණය කරන්නා ද අප ඉදි­රි­යේය. ඔහු චිත්‍ර කලා­වෙන් ඔබ්බට ගිය බොහෝ දක්ෂතා ඇති අයෙකි. නමින් කැලුම් ගුණ­සේ­ක­රය.Kalum-Gunasekara-1
ඇතැ­ම්විට කැලුම් ගුණ­සේ­ක­ර­යැයි කියූ සැණින් ඔබ ඔහු නොහ­ඳු­න­නවා විය හැකිය. එහෙත් මෙය කිය­වන මොහොතේ ඔබේ පොකැ­ට්ටුවේ රුපි­යල් විස්සක් එහෙ­මත් නැත්නම් දාහක්, පන්සී­යක්, පන­හක් හෝ රුපි­යල් පන්දාහේ නෝට්ටු­වක් වේ නම් එය ගෙන බලන්න. අසුරු සැණෙ­කදි නෝට්ටුවේ මුහු­ණත බැලූ විට කැලුම් නොහ­ඳු­නන අයෙ­කුට වුවද ඔහුගේ දක්ෂ­තා­ව හඳු­නා­ගත හැකි­වනු ඇත. ඔහු පින්ස­ලෙන් වර්ණා­ව­ලිය කළ දස්කම ඔබට වැට­හෙනු ඇත.

කොළඹ ඉපදී අනු­රා­ධ­පු­රයේ පදිංචි වූ කැලුම් අධ්‍යා­ප­නය ලැබුවේ ද අනු­රා­ධ­පු­ර­යේය. ඔහුගේ කලා හැකි­යා­වන් ආරම්භ වන්නේ පාසල් වි‍යේදී­මය.

“මගේ අම්මා ගුරු­ව­රි­යක්. ඇය චන්ද්‍රා පෙරේරා. තාත්තා පිය­රත්න ගුණ­සේ­කර. ඔහු රැකි­යාව කළේ දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුවේ. මේ නිසා තාත්තට තැනින් තැනට මාරු­වෙන්න සිදු­වුණා. ඒ නිසාම අප­ටත් විවිධ පරි­සර දැක බලා ගන්නට ලැබුණා. මම මුලින්ම පාසල් ගියේ පොල්ග­හ­වෙල ශාන්ත බර්න­දෙත් කනිෂ්ඨ විද්‍යා­ල­යට. ඉන්ප­සුව ගියේ අනුරාධපුර නිව­ත්තක චේතිය මහා විද්‍යා­ල­යට. ඊටත් පසුව අනු­රා­ධ­පුර මධ්‍ය මහා විද්‍යා­ලයේ ඉගෙ­නුම ලැබුවා.”

කැලුම් අතී­තය හා පාසල් අව­දිය සිහි­පත් කර­න්නේය. විද්‍යා විෂ­ය­න්ගෙන් අධ්‍යා­ප­නය ලැබූ කැලුම් ඉන්ප­සුව කාර්මික විද්‍යා­ලයේ සැල­සුම් ශිල්පය ඉගෙ­නුම ලබ­න්නේය.

“මට පාසල් වියේ ඉඳ­ලම චිත්‍ර අඳින්න, ලියන්න පුළු­ව­න්කම තිබුණා. මම චිත්‍ර තර­ග­ව­ලට ඉදි­රි­පත් වුණා. ජය­ග්‍ර­හ­ණය කළා. එක්ද­හස් නව­සිය හැත්තෑ නවයේ ළමා වර්ෂය වෙනු­වෙන් මිහිර පත්ත­ර­යෙන් පැවැත්වූ චිත්‍ර තර­ග­යෙ­නුත් මම ජය­ග්‍ර­හ­ණය ලැබුවා. කාර්මික විද්‍යා­ලයේ ඉගෙ­නීම ඉවර වුණාට පස්සේ ලලිත් මුතු­කු­මා­රණ කියන මහ­ත්ම­යාගේ ආය­ත­නයේ වසර තුනක් පමණ සේවය කළා.”coins-2

රැකි­යාව කළ ද ඔහු තමන් සතු වූ කලා හැකි­යා­ව­න්ව­ලට යට­පත් වන්නට ඉඩ නොදු­න්නේය. ඉන් කල­කට පසුව මර­දානේ ගාමිණි ෆර්නි­චස් ආය­ත­නයේ ගෘහ භාණඩ නිර්මාණ ශිල්පි­යකු ලෙස කට­යුතු කිරීම ආරම්භ කිරී­මත් සමඟ. ඔහු තවත් බොහෝ දේ ස්වඋ­ත්සා­හ­යෙන් ම ඉගෙන ගත්තේය. ඒ අතී­තය පිළි­බ­ඳව කැලුම් පව­සන්නේ මෙසේය.

“මං ඉගෙන ගන්න කාලේ ගෘහ භාණ්ඩ නිර්මාණ ශිල්පය හෝ ස්වර්ණා­භ­රණ නිර්මාණ ශිල්පය කියලා දෙයක් ඉගැ­න්නුවේ නැහැ. එහෙම දේවල් තිබුණේ නැහැ. නමුත් මං මේ දේවල් ඉගෙන ගත්තා. මංම ඇඳලා මට උව­මනා ආකා­ර­යෙන් වෙනස් කර­මින් ඉගෙන ගත්තා. අද වෙන‍කොට මම මේ ආය­ත­නයේ ගෘහ භාණ්ඩ මෝස්තර කාල­යට ගැළ­පෙන අයු­රින් නව මෝස්තර වලින් නිර්මාණ සැල­සුම් කර­නවා. මේ ආය­ත­නයේ සේවය කර­න්නට පටන් අර­ගෙන මේ වන විට වසර විස්සක් වෙනවා.”

වසර විස්සක් එකම ආය­ත­න­යක මෝස්තර ඇඳීමේ කලාව කළ ද ඔහු තමන් තුළ තිබූ සහජ දස්කම් කිසිදු දිනෙක වැළලී නොය­න්නට ඉඩ නුදු­න්නේය.

පාසල් වියෙන් නික්මී­මත් සම­ඟම තරුණ සත්ව­වේ­දින්ගේ සංග­මය හා අත්වැල් බැඳ­ගත් කැලුම් එහිදී පරි­ස­රය මෙන් ම සතුන් ගැන ද බොහෝ දේ ඉගෙන ගත්තේය. කුඩා­කල සිට පරි­ස­ර­යට, සතුන්ට ආද­රය කළ ඔහු වය­සින් වැඩී­මත් සමඟ ඒ ආද­රය වඩ වඩාත් වර්ධ­නය වූයේය. ඔහු වන­ජීවී ඡායා­රූ­ප­ක­ර­ණ­යට ද විශේෂ දක්ෂතා ඇති අයෙකි.

මේ සිය­ල්ලම පසෙක තිබි­යදි වඩාත් වැද­ගත් වන්නේ කැලුම් මහා බැංකුව වෙනු­වෙන් මුදල් නෝට්ටු සඳහා චිත්‍ර සහ කාසි නිර්මා­ණය කිරී­මට ඉදි­රි­ප­ත්වී­මය. ඒ හැරුණු විට ඔහු මුද්දර නිර්මාණ ශිල්පයේ ද දස්ක­ම්පා­මින් මුද්දර ගණ­නා­වක් නිර්මා­ණය කළේය.

“මම මුද්දර නිර්මා­ණ­ක­ර­ණ­යට යොමු­වුණේ මාතලේ තැපැල් කන්තෝ­රුවේ මහ­ලි­යන මහතා නිසයි. ඔහු තමයි මා මුද්දර කාර්යාං­ශ­යට යොමු කළේ. දෙද­හස් තුන වස­රේදී ලංකාවේ පළමු වරට ලංකාවේ නිවැසි කුරු­ල්ලන් පිළි­බඳ මුද්දර කළා. එහි පක්ෂීන් විසි­ප­හක් ඉන්නවා. ඒ මුද්දර විසි­ප­හම නිර්මා­ණය කිරීමේ අව­ස්ථාව ලැබුණේ මට. මේ අයු­රින් මුද්දර තොග­යක් නිර්මා­ණය කිරී­මට මට ලැබුණෙ පළමු අව­ස්ථාව මෙයයි.

නෝට්ටු නිර්මා­ණය කිරී­මට අව­ස්ථාව ලැබුණේ කොහො­මද?

“මේ නෝට්ටු­වල චිත්‍ර අඳින්න අව­ස්ථාව ලැබෙ­න­කොට යුද්ධය ඉව­ර­වෙලා තිබුණේ නැහැ. රටේ සුවි­ශේෂි ස්ථාන තමයි ඒ නෝට්ටු­වල අඳින්න තිබුණේ. රුපි­යල් පනහේ තිබෙන මන­ම්පි­ටිය පාලම ඇතු­ළත් දර්ශ­නය අඳි­න්නට පෙර මම මන­ම්පි­ටි­යට ගියා. නමුත් ඒ දව­ස්වල රටේ පැවැති වාතා­ව­ර­ණය නිසා ඡායා­රූප ගන්න ලැබුණේ නැහැ. පාලම නරඹා ඇවිත් ඊට පසුව මම තවත් ඡායා­රූප, විස්තර හොයලා බැලුවා. ඉන්ප­සුව තමයි ඒ චිත්‍ර නිර්මා­ණය කරන්න පටන් ගත්තේ.

එව­කට ආර­ක්ෂක හමු­දා­වෙන්, මාර්ග සංව­ර්ධන අධි­කා­රි­යෙන් මෙන්ම ඒ ඒ නිර්මා­ණ­ව­ලට අදාළ ස්ථාන­ව­ලින් මට හොඳ සහ­යෝ­ග­යක් ලැබුණා. මේ මෑත­කදි මහා බැංකුව විසින් කාසි විසි­ප­හක් නිර්මා­ණය කළා ලංකාවේ දිස්ත්‍රික් විසි­පහ වෙනු­වෙන්. ඒ ඒ දිස්ත්‍රි­ක්ක­වල අන­න්‍ය­තාව මතු­වන ආකා­ර­යෙන් තමයි මේ කාසි­වල මුහු­ණත නිර්මා­ණය කරන්න සිදු­වුණේ. ඒ කාසි විසි­පහ අතු­රෙන් කාසි පහක් ම නිර්මාණ කළේ මම. ඒ වගේම රුපි­යල් විස්ස, පනහ, සීය, පන්සීය, දාහ හා පන්දාහේ නෝට්ටු­වල මුහු­ණත නිර්මා­ණය කළෙත් මම.

Kalum-Gunasekara-2කැලුම් අපත් සමඟ මේ සියල්ල පව­සන අතරේ ඔහු විසින් කරන ලද ඒ නිර්මාණ සිය­ල්ලම එකින් එක ගෙන­හැර දක්වයි. ශ්‍රී ලංකා යුද හමු­දාව විසින් යුද්ධ­යේදි දිවි­පිදූ අභීත රණ­වි­රු­වන් වෙනු­වෙන් ඔවුන්ගේ පවු­ල්ව­ලට ලබා­දෙන පද­ක්කම නිර්මාණ කිරීමේ භාග්‍යය ද කැලුම්ට ලැබිණ.

ඔහු සැබැ­වින්ම දක්ෂ­යෙකි. ඒ බව කියන්නේ අප නොව ඔහු ද නොව. ඔහු විසි­න්කළ නිර්මා­ණය. ඇතැම් නිර්මාණ පිළි­බ­ඳව කතා­බහ කිරී­මේදි ඔහුගේ දෑසේ කඳු­ළක් දිලි­සෙනු ද අපි දුටු­වෙමු. ඒ සතු­ටට ද එසේත් නැත්නම් දුක­ට­දැයි යන්න දන්නේ ද ඔහු පමණි.

“මම ජීවිතේ පුදු­මා­කාර සතු­ටක් විඳි­නවා. ඒ සතුට තමයි මම කරපු නිර්මාණ රස­වි­ඳින අය දුටු­වම ලබන සතුට. විශේ­ෂ­යෙන් ම මම නිර්මා­ණය කළ චිත්‍ර සහිත නෝට්ටු අත තියා­ගෙන ඉන්න මිනිස්සු දුටු­වාම මට පුදු­මා­කාර සතු­ටක් දැනෙ­නවා. මේ සතුටේ කොටස්ක­රුවන් බොහෝ­මයි. මගේ කලා හැකියාව දියුණු වූයේ මගෙ අම්මා නිසා. ඇය තමයි මා චිත්‍ර අඳින්න උනන්දු කළේ.
අද­ටත් මම කළ යම් නිර්මා­ණ­යක් වෙනු­වෙන් ලැබෙන සහ­ති­ක­යක් හෝ ලබා ගැනී­මට යන විට අම්මා මං ගැන සතුටු වෙනවා. ඒ වගේම මගෙ බිරිය දරුවෝ එයා­ල­ගෙන් මට ලැබෙන නිද­හස නිසා මට මේ නිර්මාණ කිරී­මට අවශ්‍ය මාන­සික නිද­හස ලැබී තිබෙ­නවා. මුද­ලට වඩා මට මේ ලැබෙන තෘප්තිය කව­දා­වත්ම මිල කර­න්නට බැහැ.”

කැලුම් පව­සන්නේ හැඟී­ම්බ­ර­වය.

ඔහුගේ ජීවි­තය ගොඩ­නැගී ඇත්තේ කලා­වත් සම­ඟය. ඔහු පරි­ස­ර­යට එදා මෙන් ම අදත් අලුම් කර­න්නේය. ඔහු සතුන් මැරී­මට නොව විශේ­ෂ­යෙන් ම සර්ප­යන් අල්ලා මුදා හැරී­මට ද දක්ෂ­යෙකි.

මේ සිය­ල්ලෙන් ම බැහැර වූ විට කැලුම් පොත්පත් සඳහා ද චිත්‍ර අඳි­න්නේය. විශේ­ෂ­යෙන් ම ආචාර්ය සරත් කොට­ග­මගේ ගේ පොත්වල ඔහු චිත්‍ර ඇඳ ඇත්තේය. මේ සියල්ල අසා අව­සා­නයේ සමු­ග­න්නට පෙර අපේ ඇස ­ගිය වලි­කු­කු­ළාගේ චිත්‍රය පිළි­බ­ඳව අපි කැලු­ම්ගෙන් විම­සු­වෙමු.

“එක එක පක්ෂීන්ගේ චර්යා රටා­වන්හි උන්ටම ආවේ­ණික බවක් තියෙ­නවා. මම හිතන විදි­හට වන­ජීවී චිත්‍ර අපිට ඕනා විදි­හට අඳින්න බැහැ. තරුණ සත්ව­වේ­දීන්ගේ සංග­මය හරහා මම බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ වගේම පුංචි කාලේ ඉඳලා ජීවත් වූ පරි­ස­ර­ව­ලදි දුටු සතුන් පිළි­බ­ඳව නිර්මා­ණය කළා. කැලෑ­වල ඇවි­දින්න ගිය­හම පක්ෂීන්, සතුන් පිළි­බ­ඳව අධ්‍ය­යනය කළා. මේ ඔක්කෝම එකට එකතු වුණාම තමයි සජීවී ලෙසින් මට චිත්‍ර අඳින්න පුළු­ව­න්කම ලැබුණේ. මේ චිත්‍ර­යේදි මම බොහෝම සැල­කි­ලි­මත් වුණා. මේ සතුන්ගේ ස්වාභා­වික වර්ණ­යන් ම මතු­කර දක්වන්න.” යැයි ඔහු පැව­සීය.

වසර ගණ­නක් තිස්සේ නිර්මාණ කාර්යයේ නියැළී සිටි­යද තව­මත් ඔහු සිතේ ඉටු­කර ගැනී­මට නොහැකි වූ බලා­පො­රො­ත්තු­වක් ඇත්තේය. කැලුම් ගේ දැන් උත්සා­හය ඒ සඳ­හාය. “චිත්‍ර ප්‍රද­ර්ශ­න­යක් කිරීමේ අද­හස තිබෙන්නේ බොහෝ­කල් ඉඳලා. මගේ ඊළ­ඟට සූදා­නම ඒ ප්‍රද­ර්ශ­නය පැවැ­ත්වී­ම­ටයි.” කැලුම් පව­සන්නේ බලා­පො­රොත්තු සහ­ග­ත­වය.

http://www.silumina.lk/2014/11/30/_art.asp?fn=as1411301