අනුරාධපුර යුගයේ වෙළෙඳාම

රන්නේ සීල විමල හිමි
මධ්‍යම සංස්‌කෘතික අරමුදල

අනුරාධපුර යුගයේ පැරැණි මුදල් ගනුදෙනු සහ වෙළෙඳ කටයුතු පිළිබඳ විමර්ශනය කිරීමේදී එකල මුදල් භාවිතය පිළිබඳව ප්‍රමුඛස්‌ථානයෙහිලා සැලකිය හැකිය. එනම් මුදල් භාවිතයේදී කහවණු යන්න ආදී කාසි බුද්ධ කාලයේ පටන් භාවිත වූ බව පැහැදිලිය. ඒ පිළිබඳ නිවැරැදි දැනුමක්‌ මෙරට ජනයා දැන සිටියාට කිසිදු සැකයක්‌ නැත. මේ අනුව මුල් අවධියේ මුදල් ගනුදෙනු ඉතා ස්‌වල්ප වශයෙන් සිදුවූ බව සිතිය හැකි වුවත් මෙහිදී වැඩි වශයෙන් ගනුදෙනු කෙරුණේ ද්‍රව්‍ය හුවමාරුව මාර්ගයෙනි. ඒ පිළිබඳ ඉදිරිපත් කළ හැකි සුවිශේෂී සාධකයක්‌ වශයෙන් පස්‌වැනි සියවසට අයත් තෝණිගල ලිපියයි. මෙහි කලහමුනක නමැති වෙළෙඳ ආයතනයේ වී හැල් දෙකක්‌ හා දස අමුණක්‌ද උඳු සාමුණක්‌ද මුං දස අමුණක්‌ ද තැන්පත් කරන ලදුව එමඟින් ලැබෙන වාර්ෂික පොලිය විහාරයට දිය යුතුය.

මෙහිදී රජයේ ආදායම වශයෙන් කොටසක්‌ ගෙවිය යුතු බව මිස යම් මුදලක්‌ ගෙවීමට සිදුවූ බවක්‌ නම් නොපෙනේ. රාජ්‍ය සේවය සඳහා මාසික වැටුපක්‌ ගෙවීමක්‌ ද සිදුනොවීය. ඒ වෙනුවෙන් ගෙවනු ලැබුවේ ඉඩම් ගම්බිම් පමුණු කොටවන් දීමෙනි. එහෙත් දෙවැනි සේනගේ අභයගිරි ලිපිය මිහින්තලා ලිපිය ආදී අනුරාධපුරයේ යුගයේ අවසාන භාගයට අයත් ලේඛන කිහිපයක්‌ අනුව නම් කම්කරුවන්ට පඩිනඩි ගෙවීමේ සිරිතක්‌ පැවැති බව පෙනේ. කල් යත්ම මුදල් ගනුදෙනුව ක්‍රමයෙන් වැඩි වී ගියද වර්ධනය වී ගියද ද්‍රව්‍ය හුවමාරුවෙන් ගනුදෙනු කිරීම අනුරාධපුර යුගයේ අවසානය දක්‌වා පැවැතුණු බවක්‌ පෙනේ. ලක්‌දිවින් ලබාගත් මුතු පබළු බෙලිකටු, ගම්මිරිස්‌, ඇත් දළ කපුරෙදි ආදි ද්‍රව්‍ය හැර ඇතුන් ලබා ගැනීම හෝ හුවමාරු කර ගැනීම සඳහා විදේශීය වෙළෙඳුන් විසින් බෙහෙවින් මෙහි ගෙනඑනු ලැබුයේ රන්, රිදි, තඹ, වීදුරු වැනි ද්‍රව්‍ය හා අශ්වයන්ය. මේ කාලයේ මුදල් ගනුදෙනු පිළිබඳ මහින්දාගමනයෙන් පසු වංසත්තප්පකාසිනියේ වරින් වර කරුණු සඳහන් වෙයි.

එළාර රජු විසින් කැඩී බිඳී ගිය චෛත්‍යයක්‌ තමන් විසින්ම ප්‍රතිසංස්‌කරණය කිරීම සඳහා කහවණු පසළොස්‌ දහසක්‌ වියදම් කළ බව සඳහන් වේ. දුටුගැමුණු රජු තම සෙනවියකු වන ඵුස්‌සදේව සෙනවියාට කහවණු විශාල ප්‍රමාණයක්‌ පිරිනැමූ බවත් සඳහන් වේ. රුවන්වැලි සෑය නිර්මාණය කිරීම සඳහා වරින් වර වැය කරන ලද කහවණු ප්‍රමාණය පිළිබඳ මහාවංශයේ සඳහන් වේ. මණිකාරයකු මගින් සිදුකරන ලද කහවණු දෙකක්‌ පිළිබඳ දීමනාවක්‌ පිළිබඳ එක්‌ ලිපියක සඳහන් වේ. සබ රජ වැවක්‌ මිලදී ගැනීම සඳහා කහවණු පන්සියයක්‌ වියදම් කළ බව සඳහන් වේ. ගජබාහු රජු වැවක්‌ කැණීම සඳහා කහවණු පන්සියයක්‌ යෙද වූ බවත් සඳහන් වේ. මේ අනුව කාලයත් සමග මුදල් ගනුදෙනුව සහ මුදල් භාවිතය ශීඝ්‍ර ලෙස දියුණු වන්නට පටන් ගත්හ. විශේෂයෙන් ක්‍රිස්‌තු වර්ෂ දෙවැනි සියවසේ සිට රෝමය, ගී්‍රසිය, පර්සියාව, ඉන්දියාව වැනි රටවල් සමග පැවැති වෙළෙඳ ගනුදෙනු ප්‍රධාන කොටගෙන මෙරට මුදල් භාවිතය, දියුණු තත්ත්වයට පත්විය. ඉහත සඳහන් රටවල්වලට අයත් කාසි අනුරාධපුර නටබුන් අතරින් විශාල ප්‍රමාණයක්‌ හමු වී තිබේ. මෙකල පොලී ලැබීම සඳහා වෙළෙඳ ආයතනවල ධාන්‍ය වර්ග තැන්පත් කිරීම මෙන්ම මුදල් තැන්පත් කිරීමේ සිරිතක්‌ ද පැවැතියේය. “මහතබක” නම් වූ ආයතනයේ කහවණු සියයක්‌ තැන්පත් කළ බව ලබුඇට බැඳිගල ලිපිය ඒ පිළිබඳ කරුණු හෙළිදරව් කරයි. 5 සියවසේ සිට 7 වැනි සියවස අතර කාලයට අයත් ලිපිවල මුදල් ගනුදෙනු ගැන නිතර සඳහන් වේ. මෙහිදී විහාරානුබද්ධ දාස වේෂණය පවත්වා ගැනීම සඳහා මුදල් පූජා කළ බවද දැසි දසුන් විහාරයට මුදල් ගෙවා නිදහස ලබාගත් බව එම ලිපි සඳහන් කරයි. බෝ උපුල්වන් වෙහෙරෙහි පසින් වැසී ගිය පියගැට පෙළක්‌ උඩ යට වී තිබූ කහවණු විශාල ප්‍රමාණයක්‌ ලැබී තිබේ. ශිලා ලේඛනවලට අනුව බොහෝ සෙයින් බහලුන් ප්‍රදානය කරනු ලැබූ විහාර දෙකකින් එකකි, බෝ උපුලවන් වෙහෙර, ඇතැම් රජවරුන් පිං පිණිස විහාරවලට පූජා වී දහස්‌ ගණන් කහවණු වැයකොට නිදහස ලබාගත් බව සඳහන්වේ. ඉඩම් විකිණීම, මිලට ගැනීම, බදු දීම හා බදු ගැනීම උකස්‌ කිරීම ආදිය ගැන තොරතුරු අනුරාධපුරයේ අවසාන භාගයට අයත් ශිලා ලේඛනවලින් සොයාගත හැකිය. මිල මුදල් ගනුදෙනු මිනුම් කිරුම් ආදිය හෝ සංඛ්‍යාවන්ද බොහෝ සෙයින් ලියා තබන ලද්දේ අකුරෙන්ය. එහි ප්‍රමාණ දැක්‌වීම සඳහා සංකේත උපයෝගී කර ගැනීම සිරිතක්‌ ලෙස පැවැති බව ඇතැම් ශිලා ලේඛනවලට අනුව පැහැදිලි වෙයි. කහවනු යන අදහස දැක්‌විය යුතු නැත. ඒ වෙනුවට සමාන කොටස්‌ සතරකට බෙදනු ලැබූ චතුරශ්‍රයක්‌ යෙදීම සිරිතක්‌ විය. ගජබාහු රජුගේ පාලු මැකිච්චාව ලිපියෙන් ද, ලබුඇටබැඳිගල ලිපියෙන් ද මේ සංකේත දක්‌වා ඇත. විශේෂයෙන් ලබුඇටබැඳිගල ලිපියේ සතරකට බෙදනු ලැබූ චතුරස්‍රයක්‌ ද ඒ ළඟ “ස” “ක” යන බ්‍රාහ්මී අක්‍ෂරද කොටා ඇත. “සලක” යන අක්‍ෂරවලින් හැඟෙන්නේ සියය විය හැකිය. විශේෂයෙන් මුදල් ගනුදෙනු මෙන්ම වෙළෙඳ කටයුතු ද ඉතා සාර්ථකව පැවැති බව ශිලා ලේඛන විස්‌තර කරනු ලබයි. මෙකී පැරණි ඓතිහාසික ප්‍රවෘත්ති සොයාගැනීමේ මාර්ග වශයෙන් මහාවංශාධි සාහිත්‍ය කෘතිවලින් හා ශිලා ලේඛනවලින් වෙළෙඳ කටයුතු පිළිබඳ ලබාගත හැකි දේ අල්පයහ. නමුත් කලාතුරකින් ලැබෙන ඒ ප්‍රවෘත්ති අනුව වුවද අනුරාධපුර යුගයේදී වෙළෙ¹ම් කටයුතු දියුණු තත්ත්වයක පැවැති බව නම් තීරණය කළ හැකි වෙයි.

“කොටරැකි කමි වෙණෙජුකම් යනාදී හීන උකට කම්” යන සිඛවලඳවිනිස පාඨය අනුව එකල වෙළෙ¹ම උසස්‌ වෘත්තියක්‌ ලෙස සලකන ලද බව පෙනේ. මුල් යුගයේ වැසියන්ගේ රැකී රක්‍ෂා ගැන සඳහන් කෙරෙන ශිලා ලේඛනවල පවා ගොවි, වෙද, වඩු ආදි වෘත්තීන් ගැන සඳහන් වෙතත් වෙළෙ¹ම ගැන ඒ වාර්තාවල සඳහන් වන්නේ නැත. එහෙත් ක්‍රිස්‌තු පූර්ව අවධියට අයත් යෑයි සැලකෙන ගනේකන්ද විහාර ලිපියේ “පූක” යන පදයක්‌ යෙදී ඇත්තේය. එහි අර්ථය ලෙස “වාණිජ ශේ්‍රණිය” හෙවත් “වෙළෙඳ සභාව” යන්නයි. එම ලිපියේ එම වෙළෙඳ ශේ්‍රණියේ ප්‍රධානියා ජෙටෙ හා අනු ජෙටෙ ගැනද සඳහන් වේ. මේ අනුව පැහැදිලි වන්නේ ක්‍රිස්‌තු පූර්ව දෙවන සියවසේ පවා වෙළෙඳ කටයුතු මනා ලෙස පැවැති බවයි. තවදුරටත් මේ පිළිබඳව විමර්ශනය කිරීමේදී තෝණිගල ලබුඇටබැඳිගල ශිලා ලේඛන හරහා “කලහමුනක” මහතබක යන වාණිජ ශේ්‍රණි පිළිබඳ සඳහන් කරයි. විශේෂයෙන් මේ වෙළෙඳ සභා වර්තමාන ව්‍යවාහාරයට අනුව සලකන කළ බැංකු වශයෙන්ද ක්‍රියාත්මක වූ බව පෙනේ. මෙහිදී තෝණිගල ශිලා ලේඛනයට අනුව “කලහමුනකි” නම් නියමතනි වී, උඳු, මුං යන ධාන්‍ය වර්ග තැන්පත් කර තිබූ බවට සඳහන් වේ. එයින් ලැබෙන වාර්ෂික පොලිය විහාරයට ප්‍රදානය කිරීමට නියම විය. නමුත් අනිත් අතින් ලබුඇටබැඳිගල ලිපියෙහි සඳහන් වන්නේ මහතබක නම් බැංකුවෙහි මුලින් කහවණු සියයක්‌ සහ විස්‌සක්‌ තැන්පත් කළ බවයි. මෙයින් එකතු වන පොලී අරියවංශ උත්සවය සඳහා යෙදවිය යුතුය. මෙය මූලික කරගෙන වාණිජ කටයුතු ඉතා ශීඝ්‍ර වශයෙන් දියුණු වන්නට වූහ. මෙහිදී නිරන්තර වෙළෙඳ පොළවල් පිහිටා තිබුණේ ජනයා ගැවසෙන ස්‌ථානවලය. දීපවංශයට අනුව වෙළෙඳ පොළ යන අර්ථ අපේක්‍ෂාවෙන් අන්තරාපණ යන නම යෙදේ. එවැනි වෙළෙඳ ග්‍රාමයක්‌ උපතිස්‌ස ග්‍රාමයේ තිබුණු බව සඳහන් වේ. උපතිස්‌ස ග්‍රාමයේ මෙන්ම අනුරාධපුර ආදි ප්‍රධාන නගරවල ද මෙවැනි වෙළෙඳ පොළවල් තිබුණු බව සඳහන් වේ.

ඉහත සඳහන් කළ ශිලා ලේඛනවලට අමතරව දසවැනි සියවසට අයත් බදුලු ටැම් ලිපිය හරහා එකල පැවැති වෙළෙඳ කටයුතු පිළිබඳව තොරතුරු රාශියක්‌ දැකගත හැකිය. එහිදී සොරබොර වැව අසල පිහිටි හෝපිටිගම නම් නගරයේ පැවැති වෙළෙඳ පොළේ කටයුතු කළ වෙළෙඳුන් ද එහි යන එන රජයේ නිලධාරීන්ට ද පනවන ලද නීති රාශියක්‌ බදුලු ටැම් ලිපිය මගින් ඉදිරිපත් කරයි. එසේ වෙළෙඳ භාණ්‌ඩ විකිණීම සඳහා වෙළෙඳ පොළේ විශේෂ ස්‌ථාන නියම කර තිබුණේය. බුලත්, පුවක්‌ වැනි සුළු බඩු පවා නියමිත “මණ්‌ඩපයේ” තබා විකිණිය යුතු විය. මේ ආදි නීති ඔස්‌සේ ප්‍රධාන වශයෙන් අපේක්‍ෂා කරනුයේ වෙළෙ¹ම අයථා මාර්ග හා දූෂණ ක්‍රියා අවම කිරීමය.

නගරයේ වෙළෙඳ කටයුතු සිදුකරගෙන යාම සඳහා නොයෙක්‌ ප්‍රදේශවලින් බඩු ගෙනෙන ලදී. මෙහිදී බඩු නගරයට ගෙන එන ලද්දේ “ගෝණි ගොන්” ලවාය. විශේෂයෙන් ගැල් මගින් බඩුගෙන ඒම එකල සිරිත වූයේය. දුටුගැමුණු රජ දවස වෙළෙන්දෙකු අනුරාධපුරයේ සිට ගැල් ගොන් බොහෝ ගණන් රැගෙන ඉඟුරු ආදී වෙළෙඳ ද්‍රව්‍ය ගෙන ඒම සඳහා මලය ප්‍රදේශයට ගිය බව මහා වංශය සඳහන් කරයි. මෙලෙස ගමෙන් නගරයට වෙළ¹ම සඳහා ඇතුළු කර ගන්නා බඩු වෙනුවෙන් “සුක්‌මන්” හෙවත් “සුක්‌මන්” (බදු) ගෙවිය යුතු විය. වෙළෙන්දොa “වෑපාරයන්” නමින් හඳුන්වනු ලැබූහ. නගරයේ වෙළෙඳ කටයුතු පාලනය කරන ලද්දේ “මණ්‌ඩිරණ්‌ඩීන් මණිග්‍රාමීන්” යනුවෙන් පත් කරනු ලැබූ විශේෂ නිලධාරි පිරිසක්‌ මගිනි. මේ අනුව සොර වෙළෙ¹ම් නොකරන ඉසා යනුවෙන් පනවා ඇති නීතිය අනුව එකල සාධාරණ වෙළෙඳ ව්‍යාපාරයක්‌ ඇති කිරීම සඳහා රජයේ විශේෂ අවධානය යොමු වී තිබූ බව පැහැදිලිය. විශේෂයෙන් පොහෝ දිනය වෙළෙඳ කටයුතු ආදියෙන් වැලකී සිටි විවේක දිනයක්‌ ලෙස සලකන්නට ඇත.

වේවැල්කැටිය ලිපියේ සඳහන් කරන ආකාරයට සතුන් විකිණීම පිළිබඳ නීතියක්‌ දක්‌නට ලැබේ.

“බැහැරින් ඇර විකුණා මීවුන් ගෙරි ගොන් එළුවන් හැන්දිනා ඇප ගෙන ගන්නා කොට ඉසා”

යන ව්‍යවස්‌ථාවට අනුව ඒ සතුන් විකිණීමේදී ඇප ගැනීමත් අවශ්‍ය වූයේ සොර වෙළෙ¹ම් වැළැක්‌වීම සඳහා විය හැකිය. මත්ස්‍යමාංශ විකිණීම මෙන්ම එදා ජනයා මත්ස්‍යමාංශ අනුභව කිරීමෙන් වැළකී සිටි බවට නිගමනය කිරීමට හේතු නොමැත්තේය. සතුන් මැරීම හා මාළු ඇල්ලීමද එය විකිණීමද කෙරුණු බවට රසවාහිනිය ආදී ලේඛනවල එන කථා කිහිපයක්‌ සාක්‍ෂි දරයි. අනුරාධපුර අවදියේ මෙරට ජනාවාස වශයෙන් ගැනුණු අනුරාධපුරය පොළොන්නරුව උත්තර දේශය මධ්‍ය දේශය කැලණිය මාගම ආදී සෑම ප්‍රදේශයක්‌ම මහා මාර්ගවලින් එකට බැඳී පවතින්නට ඇත. එසේ ජම්බුකෝළපට්‌ටන, මහාතිත්ථ ආදී මුහුදු තොටුපළවල් ද මේ නගරවලට සම්බන්ධ වී පැවතිණි. විශේෂයෙන් මේ මහා මාර්ග එකල වෙළෙ¹ම් දියුණු වන්නට බොහෝ සෙයින් උපකාර වන්නට ඇත. මෙහිදී අනුරාධපුරය හා මාගම අතර වෙළෙඳ සබඳතා පැවැති අයුරු රසවාහිනියේ එන කතා ඇසුරෙන් සිතාගත හැකිය. දේශීය මෙන්ම විදේශිකයන් හා සම්බන්ධ මෙරට වෙළෙ¹ම් පිළිබඳ බොහෝ කරුණු රාශියක්‌ වාර්තා වී ඇත. ඒ අනුව ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන්ම වෙළෙ¹ම සඳහා විදේශික වෙළෙඳුන් මෙහි පැමිණි බව පෙනේ. එයට හේතුව වන්නේ ලංකාවේ ස්‌වාභාවික පිහිටීම අනුවද මෙරට මුහුදු යාත්‍රා තොටුපළක්‌ වශයෙන් හා වෙළෙඳ මධ්‍යස්‌ථානයක්‌ ද වශයෙන් අතිශයින් වැදගත් තැනක්‌ ගත් බව පෙනේ. මේ අනුව පැරැණි ලක්‌දිව වෙළෙ¹ම පිළිබඳ කරුණු විමර්ශනය කිරීමේදී ෆාහියන් භික්‍ෂුවගේ කියමන සැලකිල්ලට ගත හැකිය.

“පළමු කොට මෙහි මනුෂ්‍ය වාසයක්‌ නොවීය. මෙහි යක්‌ෂයෝත් නාගයෝත් පමණක්‌ වාසය කළහ.” පිට රටවල වෙළෙන්දොa වෙළෙ¹ම සඳහා මෙහි පැමිණෙති. ඔවුන් පැමිණි කල භූමියෙන් ඔවුන්ව පෙනී නොසිටි නමුත් මිල සලකුණු කරන ලද දුර්ලභ වෙළෙඳ බඩු සූදානම් කර තබති. වෙළෙන්දොa එසේ දක්‌වා ඇති මිල ගෙවූ බඩු සූදානම් කොට තබති. වෙළෙන්දොa එසේ දක්‌වා ඇති මිල ගෙවූ බඩු රැගෙන යති. වෙළෙන්දන්ගේ මේ ගමනාගමන නිසා අවට පිහිටි රටක මිනිස්‌සු මෙය කොතරම් සුන්දර දිවයිනක්‌දැයි දැන ගන්නෝ වරින් වර මෙහි අවුත් පදිංචි වූහ. පස්‌ වැනි සියවසේ ලංකාවට පැමිණි පාහියන් භික්‍ෂුව සඳහන් කරනුයේ එකල පැවැති නවීන ප්‍රවෘත්තියක්‌ විය හැකිය. මෙම සියවසේ සෑම කියමනක්‌ම සත්‍ය නොවූවත් ආදී විදේශිකයන් වෙළෙ¹ම සඳහා මෙහි පැමිණි බව සහ පිළිගැනීමට බාධාවක්‌ නැත්තේය. විජය හා පැමිණි පිරිස කාලයේ ද වෙළෙ¹ම සඳහා යාත්ත්‍රිකයන් ලංකාවට පැමිණි බව හෙන්රි පාකර් මහතාගේ මතයයි. එසේම භාරතීය වෙළෙඳුන් මෙහි පැමිනි බවත් ඒ නිසාම අනුරාධපුර ධනවත් වෙළෙඳුන් වාසය කළ බවත් සීහලවත්ථූපකරණයේ සඳහන් කරයි. විශේෂයෙන් ලංකාව හා විදේශිකයන් අතර පැවැති වෙළෙඳ සම්බන්ධතා පිළිබඳ විමර්ශනය කිරීමේදී ප්‍රධාන වූ එක්‌ කරුණක්‌ බවට ප්‍රකට වෙයි. එනම් මෙහි වෙළෙ¹ම් කිරීම සඳහා ද මෙරටින් වෙළෙඳ ද්‍රව්‍ය ගෙන යැම සඳහාද විදේශීය වෙළෙඳුන් මෙහි පැමිණි තරමට මෙරට වෙළෙඳුන් විදේශයට ගෙන යැම සඳහා ද විදේශීය වෙළෙඳුන් මෙහි පැමිණි තරමට මෙරට වෙළෙඳුන් විදේශවලට නොගිය බවයි. සයවැනි සියවසේ මුල් භාගයේ සිලාකාල රජුගේ කාලයේ මෙරට සිට ඉන්දියාවේ කාසි රටට ගිය පූර්ණ නම් වෙළෙඳ පුත්‍රයකු ධර්ම ධාතු නම් වෛතුල්‍ය ග්‍රන්ථයක්‌ ලබාගෙන ආපසු පැමිණි බව කියවේ. මෙරටින් ඉන්දියාව, චීනය ආදී රටවලට දූත පිරිස්‌ හා තානාපතිවරුන් ගිය බව සඳහන් වෙතත් ලංකාවේ වෙළෙඳුන් විදේශ රටවල වෙළෙ¹මේ යෙදුන බව සඳහන් වන්නේ කලාතුරකිනි. එහෙත් ආදී යුගයේ පටන් විදේශීය වෙළෙන්දොa මෙහි පැමිණ ඔවුන් විසින් ගෙන එන ලද බඩු මෙරට ජනයාට විකුණා මෙරටින් තවත් වෙළෙඳ භාණ්‌ඩ රැගෙන ගිය බව සඳහන් වේ.

විශේෂයෙන් 7 වැනි සියවසේ මෙරටට එන චීන ජාතිකයන් මෙරට හඳුන්වා ඇත්තේ රත්නදීප යනුවෙනි. ක්‍රි.පූ. 3 වැනි සියවසේ පවා මෙරට ඇතුන් ඉන්දියාවට ගෙන යන ලද බව මෙගස්‌තිනීස්‌ නම් ගී්‍රක ලේඛකයා සඳහන් කරයි. ලංකාවේ සිට යාත්‍රා මගින් කාවේරි පටුනට ගෙන යන ලද ද්‍රව්‍ය අතර සහල් හා වෙනත් ආහාර වර්ග වූ බව පට්‌ටිනැප්පාලෙයි නම් දෙමළ කාව්‍ය කියයි. එසේම දෙමළ ජාතික නාවිකයකු පිළිබඳ සඳහන් ක්‍රි.පූ. යුගයට අයත් ගල් ලිපියක්‌ හමු වී තිබේ. එහි සඳහන් වන්නේ දෙමළ වෙළෙන්දෙක්‌ ගැනය. මෙහිදී අනුරාධපුර අවසාන භාගයේ මේ දෙරට අතර දේශපාලන සම්බන්ධකම් වැඩිවත්ම දකුණු ඉන්දියානු වෙළෙඳුන්ගේ පැමිණීම වැඩිවූ බවත් පෙනී යයි. 7 වැනි සියවසට අයත් තිරියාය සංස්‌කෘතික ලිපියද මුහුදු යාත්‍රාවේ නියුතු වෙළෙඳුන්ගෙන් යුක්‌ත සංගම් ගැන සඳහන් වේ. 1 වැනි සියවසේ පමණ තෙක්‌ම රෝම අධිරාජ්‍ය හා ඉන්දියාව අතර ගම්මිරිස්‌ කුළු බඩු, මුතු, මැණික්‌ ආදී ද්‍රව්‍ය වෙළෙ¹ම පැවැති බව සඳහන් වේ. රෝම අධිරාජ්‍යයේ විකිණීම සඳහා ඉන්දියානු වෙළෙඳුන්ට බඩු ලැබුණේ විශේෂයෙන් ලංකාවෙනි. මෙයින් පැහැදිලි වන්නේ එකල ලංකාවේ වෙළෙඳ බඩු සැපයීම හා අලෙවි කිරීම අතින් දියුණු තත්ත්වයක්‌ ලබා සිටියා මිස එතරම් විදේශ වෙළෙ¹ම් අතින් දියුණුවක්‌ ලැබූ රටක්‌ නොවූ බවයි. ලංකාව සමග වෙළෙඳ ගනුදෙනු කළ රටවල් ඉතාලිය මුල් තැනක්‌ ගනු ලබයි. සත්වැනි ශත වර්ෂයේ ඇලෙක්‌සබ්‍රියාවේ යටත් වීම තෙක්‌ම රෝම අධිරාජ්‍යය හා ඉන්දියාවත් ලංකාවත් අතර ප්‍රබල වෙළෙඳ සබඳතා පැවැත්තේය.

භාතිකාභය රජු රෝමයට වෙළෙඳ දූත පිරිසක්‌ යෑවූ බව බටහිර ලේඛනවල හා මහාවංසටිකාවේ සහ කරුණු සංසන්දනය කිරීමෙන් සිතාගත හැකිය. මෙහිදී රෝම අධිරාජ්‍යයේ විකිණීම සඳහා ඉන්දියාවේ වෙළෙඳුන්ගෙන් බඩුවලින් වැඩි කොටසක්‌ සපුරාගෙන තිබෙන්නේ මෙරටින් බව සඳහන් වේ. විශේෂයෙන් මෙරට වෙළෙඳුන් ආරමිභය හා පර්සියාව යන රටවල් සමග වාණිජ සබඳතා පැවැති බවත් සඳහන් වේ.

“අනුරාධපුර නගරයේ චෛත්‍ය නායක සිටුවරුත් අරාබි වෙළෙන්දොaත් බොහෝ ගණන් වාසය කරති.” යන පාහියන් වාර්තාවේ ඡේම්ස්‌ ලේප් සංස්‌කරණයෙහි එන වාක්‍යයකි. මෙහි වැදගත්කම ඇත්තේ අරාබි වෙළෙඳුන් විශාල සංඛ්‍යාවක්‌ වාසය කර ඇති බව කියවෙන ප්‍රවෘත්තියෙනි. චීනයද ලංකාව සමග වාණිජමය වශයෙන් සබඳතා තිබූ රටකි. අනුරාධපුර යුගයේදී මේ රටවල් දෙක අතර පැවැති සම්බන්ධය බොහෝ සෙයින්ම සංස්‌කෘතික එකක්‌ බව නිවැරදි වූවත් මෙරට වෙළෙන්දොa බඩු හුවමාරු කිරීමේ යෙදී සිටි බව වංශකතා සාක්‍ෂි දරයි. අභයගිරි විහාරයට අයත් බුද්ධ ප්‍රතිමාවක පසෙක තිබී කිසියම් චීන වෙළෙන්දෙකු විසින් පූජා කරන ලද පට පිළියෙන් කළ අවානක්‌ දුටු බවත් එයින් අතිශයින් ප්‍රීති වූ ෆාහියන් භික්‍ෂුවගේ දෙනෙතින් සතුටු කඳුළු වැගුරුණු බවත් සඳහන් වේ. විශේෂයෙන් අනුරාධපුර යුගයේදී පෙරදිග හා අපරදිග රටවල වෙළෙඳ යාත්‍රිකයන්ට මුණ ගැසීමට හා බඩු හුවමාරු කර ගැනීමට ලංකාව ඉතා හොඳ වාණිජ මධ්‍යස්‌ථානයක්‌ බවට පත්විය. මෙරට වෙළෙ¹ම දියුණු වූ තවත් අංගයක්‌ වන්නේ මෙරට නිපදවන ද්‍රව්‍ය විදේශීය රටවලට ගෙන ගොස්‌ විකිණීමයි. මෙහිදී වෙළෙඳ නැව් පැමිණෙන තොටුපලවල් වශයෙන් ස්‌ථාන කිහිපයක්‌ම දියුණු තත්ත්වයට පත්විය.

ඒ ස්‌ථාන අතර කන්කසන්තුරේ අසල සම්බන්තුරෙයි නමින් හැඳින්විය හැකි ජම්බුකෝල පට්‌ටන, මහා තිත්ථ, ගෝකණ්‌ණ යන ස්‌ථාන ඒ අතරින් මූලික තැනක්‌ ගනී. මේ නැව් තොටුපලවල් මගින් භාණ්‌ඩ එහා මෙහා ගෙන යැමේදී ඒ සඳහා බදු පැනවීම ද සිදුකරන ලදී. මෙහිදී අය කළ බදු හැඳින් වූයේ “සුක” “සුක්‌මන්” ආදී නම්වලිනි.

මෙලෙස අයකරන ලද බදු මුදල් හරහා රජයට සුවිශේෂී ආදායම් ලැබුණි. මෙම නැව් තොටුපළවල් හරහා විදේශීය වෙළෙ¹ම සිදුවීමේදී මුහුදු ගමන්වල යෙදීමට තරම් ශක්‌තියකින් යෝග්‍ය නැව් තිබූ බවත් ඒ මගින් ඇතුන් හා අශ්වයින් පටවාගෙන ගිය බවත් සඳහන් වේ. නමුත් සයවෙනි සියවසේ ඒ තරම් ශක්‌තිමත් නැව් නොතිබුණු බැව් පෙනේ. මෙහිදී සිදුවූ අතවර පිළිබඳව ද ෆාහියන් විස්‌තරයේ සඳහන් වේ.

මේ අනුව කල් යත්ම මුහුදු ගමනාගමන දියුණුවන්නට ඉතා ශක්‌තිමත් නැව් නිර්මාණය කරන්නට වූහ. එහෙත් අනුරාධපුර යුගයේ අවසානයේදී නැව් ප්‍රයෝජනයට ගන්නා ලද්දේ වෙළෙඳ කටයුතුවලට වඩා යුදමය කටයුතු සඳහා බව පැහැදිලිව දැනගන්නට තිබෙන කරුණකි.

 

http://www.divaina.com/2014/01/29/badada01.html