මහින්ද මුදල් ඇමති වී දැයේ දරුවන්ට ලබාදුන් අළුත්ම විනෝදාංශයක්

Mahinda-Mudal-640x452පසුගිය රජය යටතේ මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කරනු ලැබූවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂය. මුදල් ඇමතිවරයා ලෙස රටේ පවතින රු.10 නෝට්ටු හිඟය මගහැරීම සඳහා රු.10 කාසි වැඩි වශයෙන් හදුන්වා දීමට තීරනය කලේය. එය ප්‍රායෝගික හා ඉතා හොද විසදුමක් විය.

නමුත් සුපුරුදු ලෙස මහින්ද කාගේ හෝ තකතීරු ආකර්ශනීය අදහසක් ක්‍රියාවට නැංවීමට කටයුතු කලේය. ඒ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි රු.10 කාසි වර්ග 25ක් නිකුත් කරමින්ය. මෙහි බලාපොරොත්තුව වූයේ රටේ පවතින රු.10 කාසි හා නෝට්ටූ හිඟය පියවා ගැනීමටය. මෙසේ කාසි වර්ග 25ක් නිකුත් කිරීම සඳහා විශාල පිරිවැයක් දරන්නට සිදුවන බව පෙන්වා දුන්නද දැනට එම කාසි සඳහා අත්ව ඇත්තේ වෙනස් ඉරණමක්ය.

මෙම දිස්ත්‍රික් 25ට අදාල කාසි එකතු කිරීම පාසල් සිසුන් විනෝදාංශයක් කරගෙන ඇත. පාසල් සිසුන් පමණක් නොව වැඩිහිටියන්ද, තරුණ තරුණියන්ද මෙසේ දිස්ත්‍රික් කාසි එකතු කිරීමේ විනෝදාංශයට යොමු වී ඇත. අපහා අදහස් දැක්වූ පාසල් ගුරුවරියක් පැවසුවේ තම පංතියේ සිටින සිසු සිසුවියක් 38න් 22 දෙදෙනෙකු මෙසේ කාසි එකතු කිරීමේ යෙදී සිටින බවය.

මෙසේ නිකුත් කල කාසි දිස්ත්‍රික් අනුව විවිධ මිල ගනන් යටතේ අලවි කෙරෙන බවද දැන ගන්නට ඇත. සිසුන් අතර වැඩිම මිලකට අලවි වෙමින් ඇත්තේ වව්නියා දිස්ත්‍රික් රු.10 කාසියය. එය සිසුන් අතර රු.150-250 අතර මිලකට අලවි වන බව දැනගන්නට ඇත. දෙවනුව වැඩිම ඉල්ලුමක් ඇත්තේ නුවරඑළිය හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් වලටය. එය රු.100-200 ක් අතර මිලකට අලවි වෙමින් ඇත.

මෙසේ පාසල් දරුවන් මෙන්ම වැඩිහිටි කොටස් අතරද විනෝදාංශයක් වූ මෙම දිස්ත්‍රික් කාසි මේ වනවිට සොයා ගැනීම ඉතාමත් අපහසු කාර්යයක් වී ඇත. එබැවින් මෙම විනෝදාංශයට පසුව අවතීර්නය වූ පුද්ගලයන්ට කාසි සොයැගනීම සඳහා වැඩි මිලට කාසි ලබා ගැනීමට සිදුවී ඇත. මෙසේ කාසි එකතු කිරීම නිසා සිසුන් අතර රංඩු සරුවල් වූ අවස්ථාද පාසල් වලින් අසන්නට ලැබෙන බව අපවෙත පැවසුවේ ගම්පහ කලාපයේ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකවරියක්ය.

දිස්ත්‍රික් කාසි නිකුත් කිරීම හරහා මහ බැංකුව අපේක්ෂා කරන්නේ එම කාසි විනෝදාංශයක් ලෙස එකතු කිරීම නොව එම මුදල් සංසරණයේ යෙදීමටය. මෙසේ නිකුත් කල කාසි කිසිදු භාවිතයකට නොගෙන තිබීම තුල එම කාසි නිකුත් කිරීම තුලින් පවතින ගැටළුව විසදුමක් නොලැබෙනවා මෙන්ම විශාල මුදලක්ද කිසිදු භාවිතයකින් තොරව තිබීම රටටද සිදුවන්නේ අවැඩක්ය.

මෙතෙක් කාසි සිරවී තිබුනේ කැට හා පිංකැට තුලට. එම මුදල් භාවිතයට පැමිනෙන කාල පරාසය දිගුවීම ගැටළුවක් විය. මෙසේ දරුවන් හා වැඩිහිටියන් එකතු කරන කාසි වර්ෂ ගනනාවකට සංසරණයට පැමිනෙන්නේ නැත. එබැවින් මෙම ව්‍යාපෘතිය මහින්දගේ තවත් අඳබාල වැඩක් බව කිව යුතුය.

මෙසේ රටේ ජනතාව මිලියනයක් මෙම කාසි එකතු කිරීම කලහොත් එමගින් නිකුත් කල කාසි මිලියන 25 භාවිතයෙන් ඉවත්වනු ඇත. එහි වටිනාකම මිලියන 250කි. ඇතැම් රාජ්‍ය ආයතන සඳහා වාර්ෂිකව අයවැයෙන් කෙරෙන මුදලද මේ හා සමානය. එබැවින් මෙම දිස්ත්‍රික් කාසි නිකුත් කිරීම රටට සිදු කරන්නේ විශාල පාඩුවක්ය.

මේ සම්බන්දව අපවෙත අදහස් දැක්වූ ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙකු පැවසුවේ මෙය ආදර්ශයකට ගෙන මහ බැංකුව ලාභ ලබන ව්‍යාපෘතියක් දියත් කල හැකි බවය. ඒ පළාත් 9ට රු100 කාසි 9ක් සමරු කාසි ලෙස නිකුත් කර එය වැඩි මිලකට අලවි කිරීම මගින්ය. ඔහු පැවසූ ආකාරය එවන් කාසි ව්‍යාපෘතියක් ඉතා පහසුවෙන් මිලියන 500ක් පමණ උපයා ගත හැකි බවය.

කරුණු එසේ වූවද රාජපක්ෂලා ක්‍රියාවට නැංවූයේ රජයට ආදායම් මත ලැබෙන ක්‍රියාවක් නොව රජයේ මුදල් විනාශ වන හා අපතේ යැවෙන ක්‍රියාමාර්ග බව මේ වනවිට පැහැදිලි වී ඇත.

 

http://www.lankaespy.com/?p=1857