පහේ කාසිවලින් මාල සෑදුවොත් දඬුවම් නියතයි.

රුපියල් පහේ කාසි උණු කර ගෙල පළඳින මාල නිපදවා එය රුපියල් 100ක් වැනි මුදලකට බස් රථවල සහ දුම්රිය තුළ අලෙවි කිරීමේ සිදුවීම් සුලභව වෙමින් පවතිනු දක්නට ලැබේ.

මෙම සිදුවීම්වල විශේෂත්වය වන්නේ එවැනි මාල අලෙවි කරන ඇතැමකු මාල සාදන්නේ රුපියල් පහේ කාසි උණු කර බව පැවැසීමය. ඒවා වෙළඳපොළට හඳුන්වා දෙන නවතම නිෂ්පාදන බව පවසන අතර මහ බැංකුවෙන් එම මාල සෑදීමට අවසර ලබා දී ඇති බවද පවසමින් එකක හඳුන්වාදෙන මිල රුපියල් 100ක් බව පැවසීමය.
මේ පිළිබඳව අප කළ විමසීමකදී ශ්‍රී ලංකා මහා බැංකු, සන්නිවේදන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ එස්.ජේ.ඒ හඳගම මහතා පැවසූවේ මේ සම්බන්ධයෙන් කිසිඳු පැමිණිල්ලක් මහා බැංකුව වෙත නොලැබුණු බව ය.

තවද එදිනෙදා භාවිතා වන කාසි හා නෝට්ටු විනාශ කිරීම හෝ ඒවා පලුඳු කිරීම තහනම් මෙන්ම දඬුවම් ලැබිය හැකි වරදක් බව ඒ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් පැවසීය.

මෙම මාල විකුණන්නන් පවසන්නේ සත්‍ය නම් එක් අතකින් මොවුන් රටේ ආර්ථිකයට සිදු කරන්නේ පරිහානියකි. අනෙක් අතින් ඉහළ පෙළේ සාප්පුවල මේවා අලෙවි කිරීමට ඇති බව පැවසීමෙන් මහජනතාව රැවටීමට ලක් කිරීමය.

 

http://www.hirunews.lk/sinhala/print-sinhala/93445