හිරෙන් ආ මන්ත්‍රි පිළිගත් මාලයේ රුපියල් 5000 නෝට්ටු

GossipClanka.com

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මීගමුව එජාප සංවිධායක රොයිස් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට ඊයේ  මීගමුව පළාත්බද මහධිකරණ විනිසුරු එච්. එම්. ඒ. ගෆූර් මහතා ඇප ලබාදුන් අතර එම අවස්ථාවේදී ඔහු පිළිගැනීමට පාක්ෂිකයන් රැසක් එක්වී සිටි අතර ඔවුන් මන්ත්‍රීවරයා පිළිගත්තේ 5000 නෝට්ටු වලින් සැකසූ මාලයක් පළදවමිනි. අනතුරුව රොයිස් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් මීගමුවේ කඩොල්කැලේ දේවස්ථානයේ දේව මෙහෙයකට සහභාගී වුණා, පසුව අභාවප්‍රාත්ත වූ තම මෑණියන්ගේ සොහොන් කොත අසලට පැමිණි අතර අනතුරුව මීගමුව නගරයේද සංචාරයක නිරත වුණා, ඔහු බන්ධනාගාර ගතව සිටියේ මීගමුව ජුවෙල් ලංකා ආයතනයේ රත්තරන් බඩු මංකොල්ල සිද්ධියට සම්බන්ධවයි. මේ සිද්ධිය සම්බන්ධව රොයිස් විජිත ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය.

news20141219hh Royis-www.nethfm.com-01 Royis-www.nethfm.com-02 Royis-www.nethfm.com-03 Royis-www.nethfm.com-04 Royis-www.nethfm.com-05 Royis-www.nethfm.com-06